Press "Enter" to skip to content

එයාගෙ වයිෆ් කියලා මට විශේෂයක් දක්වන්නෙ නෑ

ඔව්. සිත නිදි නෑ, විසේකාරී වගේම හිතාගන්නම බැරි කතාවක් මේ දිනවල විකාශය වෙනවා. තිළිණ බොරලැස්සගේ සිත නිදි නෑ දැන් එපිසෝඩ් පන්සීයත් පහුකළා. සඳලිට ගොඩක් අය තාමත් ආදරේ කරනවා. විසේකාරී ගත්තොත් ඊට හාත්පසින්ම වෙනස්. වින්ද්‍යා විශ්වවිද්‍යාල ලෙක්චර් කෙනෙක්. මං හරි ආසාවෙන් කරන චරිතයක්. විසේකාරී, සිත නිදි නෑ ටෙලි නිර්මාණ දෙකම ලියන්නේ ලක්ෂාන් වස්තුහේවා. හිතාගන්නම බැරි කතාවක් බුද්ධික සේමසිංහගේ.

වින්ද්‍යා කලින් චරිතවලට වඩා ටිකක් වෙනස්. එතැනදි තරින්දි, යෂ්, චානුක කියන්නෙ මගේ සිසුන්. පෙනුමෙන්, හැසිරීමෙන් ඔවුන්ගේ වයස් අබිබවා යන විදිහට මට ඒ චරිතය කරන්න වුණා. ඔයා ලස්සනට ඒක කරනවා, ඔයා ඒකට හරියටම ගැළපෙනවා කියලා ගොඩක් අය ප්‍රතිචාර දක්වනවා. වින්ද්‍යා ටිකක් සෙල්ලක්කාරයි. චේතියට කැමැති වෙන්නෙත් නැති අකමැති වෙන්නෙත් නැති ලිස්සල යන විදිහේ චරිතයක්. අඳින පලඳින විදිහ, කතා කරන විදිහ ඒ තනතුරට හානියක්, අපහාසයක් නොවන විදිහට කරන්න මං නිතරම වගබලා ගන්නවා. ඒ හැමදේ එක්කම වින්ද්‍යා මට අභියෝගයක් නොවුණාම කියන්නත් බැහැ.

හිතාගන්නම බැරි කතාවක් මට අවස්ථාව ලැබෙන්නෙත් හිතාගන්න බැරි විදිහට. ඒක ලියන්නෙත් බුද්ධිකමයි. නිෂ්පාදනය කරන්නේ අපේ හොඳම යාළුවෙක්. ඒ දෙන්නා මුලින්ම තීරණය කරල තිබුණා කොහෙත්ම මාව මේකට සම්බන්ධ කරගන්නෙ නෑ කියලා. තරහ වෙන්න එපා නයෝමි, අපි ඔයාව මේකට සම්බන්ධ කරගන්නෙ නෑ කියලා මට කලින්ම කිවුවා. පළවෙනි දෙවැනි ෂෙඩියුල් යද්දි මුළු කණ්ඩායමෙන්ම ඉල්ලීමක් ආවා ඇයි මේකට නයෝමිව ගන්නෙ නැත්තෙ කියලා. එතැනදි බුද්ධික කියල තිබුණේ එහෙම ගැටලුවක් නැහැ චරිතයක් ආවොත් දෙනවා කියලා. ඇත්තටම එහෙම චරිතයක් ආවා. සුදු අයියගේ නංගි විදිහට. ඒ චරිතය මට කරන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සෙ තමයි ඒක මට ලැබුණේ. එහෙම නැතුව මං එයාගෙ වයිෆ් කියලා එයා මට විශේෂත්වයක් දක්වන්නෙ නෑ. බුද්ධික කියන්නේ එහෙම කෙනෙක්. ඒ චරිතයට ගැළපෙනම කෙනා තමයි එයා තෝරගන්නේ. මං ඒකට ගරු කරනවා. බුද්ධිකගෙ කලින් නිර්මාණවලට වුණත් මාව කාස්ට් කළේ අධ්‍යක්ෂවරු. විශේෂයෙන්ම සිවා සර් ගොඩක් ඒවට මාව ගත්තා. සීසර්ලා ලැබුණේ විශ්ව අයියගෙ කැමැත්තට. ඒ වගේ ස්ක්‍රිප්ට් එක බලන අධ්‍යක්ෂවරු තමයි මාව කාස්ට් කළේ. බුද්ධිකගේ කැමැත්තට මාව තෝරගත්ත පළමුවැනි අවස්ථාව මේක.

ඔව්. ලංකාවේ ටෙලි නාට්‍යක් ප්‍රිමියර් කළ පළමු අවස්ථාව ඒක. මගේ රංගනයක් පුළුල් තිරයේ දැක්ක පළමු අවස්ථාව. ඒක මට අලුත්ම අත්දැකීමක්. ඒ වෙලාවෙ ඇතිවුණු හැඟීම විස්තර කරන්න බෑ. එදා ආපු හැමෝම වගේ කිවුවේ හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ හිතාගන්න බෑ කියලා.

ඇත්තටම ඔව්. පාට කුරුල්ලෝ ලොකු බ්‍රදර් දැන් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. හිතාගන්නම බැරි කතාවක් එකේ ඔහු චිත්ත කමල් හස්ත උපුල්. ඒකත් ලොකු බ්‍රදර්ට දෙවැනි වෙන එකක් නැහැ කියල හිතෙනවා. බුද්ධික මගේ සැමියා නිසා කියනවා නෙවෙයි. බුද්ධික කියන්නේ ඉතාම දක්ෂ කෙනෙක්. ඔහු පොතපතේ දැනුමෙන් විතරක් නෙවෙයි සමාජ අත්දැකීම්වලිනුත් තමන්ගේ නිර්මාණ පෝෂණය කරන කෙනෙක්.

මිනිස්සු ගොඩක් රහට බලන ඔහුගේ නිර්මාණවල ඒ රහ ගන්න කෑමක් බීමක්, නින්දක් නැතුව ඔහු දරන වෙහෙස, මහන්සිය කැපකිරීම දන්නෙ මං විතරයි. එයා රහට ලියනවා වගේම මූඩ් එක අවුල් වුණොත් වචනයක්වත් ලියන්නෙ නැති කෙනෙක්. මං ඒවා අත්දකිනවා. කිසිම ගමනක් බිමනක් යන්නෙ නැතුව, කඩා වැටෙන තැන්වලදි ඔහුව මෝටිවේට් කරමින්, ඔහුව ඉවසමින් මේ තරම් ලස්සන නිර්මාණ බිහිකරන්න මාත් ඔහු හා සමානම කැපකිරීමක් කරනවා. මට මේ ක්ෂේත්‍රය ගැන දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක් නිසා වෙන්න ඇති මේ දේවල් දරාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. බුද්ධිකගෙ නිර්මාණයක් සාර්ථක වෙද්දි මුලින්ම සතුටු වෙන්නෙ මං. ඒක ඔහුත් හොඳටම දන්නවා.

ඔව්. ඔව්. එයා තමයි අපේ වෙහෙස මහන්සිය නිවන්නේ. දැන් අපේ රොකෝට තව යාළුවෙක් සෙට් වෙලා. උද්දික අයියගේ ටෙරියත් අපිට දුන්නා. දැන් මට රාජකාරී දෙගුණ වෙලා. ගෙවල් අස්කරලයි රණ්ඩු බේරලයි නිමක් නෑ. කොතරම් කරදර වුණත් එයාලත් එක්ක ඉද්දි හිතට සහනයක් දැනෙනවා.