Press "Enter" to skip to content

මළසිරුරකටවත් ඉන්න නොදෙන පාපතරයෝ ! විශ්වාස කරන්න, මේක ඇත්තම කතාවක්

මිනිස්සුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න මූලික අවශ්‍යතා කිහිපයක්ම තියෙනවා.

එතනින් වැදගත්ම කියලා කියන්නෙ.

කන එක, බොන එක… (අනිවාර්යෙන්ම මෙතන ලියන්නම ඕනි එක,)

“සෙක්ස්” (ලිංගිකත්වය)
ඒත් විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ආකර්ශනය වීමකට එහා ගිය, වෙනස්ම විදිහේ ආස්වාදයන් බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු, අපි අතරම ඉන්නවා.

ඒක මේ ලෝකෙ හැදිලා තියෙන හැටි.

නිකමට හිතන්න.. ඔබ විශ්වාස කරනවද ? මළසිරුරු සමඟ ලිංගිකව එක් වෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා කියලා.

එහෙම නැත්තම්,
මළසිරුරකට තියෙන ආසාවට පියවි සිහියෙන් ඉන්න ගැහැණුන්ව නිදි කරවලා ලිංගිකව තෘප්තිමත් වෙන මිනිස්සු.

මේක මාරයි තමයි..
ඒත් ඇත්තටම විශ්වාස කරන්න වෙනවා

.

“පීටර් අයියා කියන්නෙ ඩෙඩ් බොඩි එම්බාම් කරන එකෙක්. ඌ මගේ ඥාතියෙක්ගේ යාලුවෙක්. මේ සිද්ධිය වුණේ මගේ නැන්දාගේ දුව නැතිවුණු දවසේ. එයා නැතිවුණේ කැන්සර් එකකින්. පස්සෙ එම්බාම් වැඩ කරන්න මල්ශාලාවට යවන්න හැදුවත් කවුරුත් කැමති වුණේ නෑ. මොකද කෙල්ල ලස්සනයි. අනික ඒ දවස්වලත් ඔය ඩෙඩ් බොඩි වලට කරන කියන දේවල් ගැන පොඩි ආන්දෝලනයක් තිබුණා. ඒ නිසා මල්ශාලාවේ කෙනෙක්ව ගෙන්නුවා..”

“පීටර් අයියා තමයි එතැන ඔක්කොම වැඩ කළේ. පොරගේ ගොලයෙක් හිටියා තරුණ කොල්ලෙක්. ඌ ටිකක් අමුතුයි.. මට නම් ඇල්ලුවෙම නෑ. මිනිහා නිකන් හෙන උනන්දුවෙන් වැඩ කළේ. පොර එම්බාම් කරන්නම ඕනි කියලා පීටර් අයියගෙන් ඉල්ලුවා. පීටර් අයියා වැඩේ දැනගෙන ද කොහෙද මිනිහාට ඉඩ දුන් නෑ. අර පොඩි එකා බියර් හරි අරක්කු එහෙම අම්බානෙක බීලා තමයි වැඩේ පටන් ගත්තේ. අපිට ටිකක් සැක හිතුණා..”

“පස්සෙ අපි දෙතුන් දෙනෙක් හිටියා එම්බාම් කරන තැන. ඕකෙන් අරූට චාන්ස් නැතිවුණා. පස්සෙ තමා පීටර් අයියා උගේ පැටිකිරිය කිව්වේ. අර පොඩි එකා ඔහොම ඩෙඩ් බොඩි වලට හෙන පෙරේත පොරක්ලූ. දවස් දෙක තුනක් සීන් කරන්න ගිහින් මාට්ටු වෙලාලූ. ඒ නිසා පීටර් අයියා මිනිහට වැඩිය වැඩ දෙන් නැල්ලු. ඔන්න ඕකයි කතාව.. ඔහොම ජරා යක්කු ඉන්නවා ඉතින්..”

මේ එක කතාවක් ම විතරයි..

පසු සටහන…

සැබැවින්ම මළසිරුරු සමඟ ලිංගිකව එක්වනවා යනු ජුගුප්සාව දනවන හැසිරීමක් වන අතර මෙය මනෝවිද්‍යාවේදී නම් කෙරෙන්නේ (Necrophilia) ලෙසටයි.

මෙහි සිංහල අරුත විග්‍රහයට ගතහොත් මියගිය තැනැත්තන් මියගිය අයගේ සිරුර (මෘතදේහ) කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ෂණය සහ මෘතදේහ සමග ලිංගික ක්‍රියාවල නියෑලීමට යෙදීමට දක්‌වන්නාවූ අරුමාකාර ආශාව ලෙසට නම් කළ හැකියි.

මෙම චර්යාවට යොමුවූ නැනැත්තන් එළිපිට හඳුනාගැනීම සොයාගැනීම උග්‍රතර අපහසු කාරණයක්.

එහෙත් මෙබඳු තැනැත්තන් 34 දෙනෙකු යොදා සුවිශේෂී ආයතනයක්‌ දියත් කළ Rosman හා Resnick (1989) මළමිනියක්‌ සමගින් තම රාගය අවදි කරවා ගන්නට ඔවුන් යොමු වූ පොළඹවනු ලැබූ කාරණාවන් පිළිබඳව අධ්‍යයනයක නිරත වූවා. එම අධ්‍යයනයට අනුව එම පුද්ගලයන් මෙලෙසින් තම චර්යාවට අනුගත වූයේ කාරණාවන් කිහිපයක්‌ මුල්කරගෙන යි.

තමන්ගේ පරලොව ගිය සොඳුරිය තමන් ව ප්‍රතික්‌ෂේප නොකරන තමන්ට එරෙහිව ප්‍රතිචාර නොදක්‌වන තැනැත්තියක වීම. මළ මිනියකට තමන්ට ලිංගික හිංසනයන්ගෙන් අතවරයන් කරන්නට එන තැනැත්තාට එරෙහිව ප්‍රතිචාර ප්‍රතික්‍රියා දැක්‌විය නොහැකියි. එම නිසා ඔවුහු මෙම ක්‍රියාවලට ප්‍රිය කළ බව අදාළ පර්යේෂණයේදී 68 දෙනෙක්‌ ප්‍රකාශ කර තිබුණා.

ප්‍රේමයෙන් වෙලී හද බැඳී ඒ රුව මිලින වී ගිය පසුද තමන්ගේ මියගිය රසවතිය සමගින් අතීත ආදරයට පණදීම සඳහාම මෙබඳු ක්‍රියාවක නිරත වූ බව මෙම පර්යේෂණයට යොමුවූ 21 දෙනෙක් පැවසුවා.

මළ මිනියක්‌ දුටුවිට තමන්ගේ සරාගී සිත තුළ ඇති ලිංගික සහජාශයන් ප්‍රබල වූ නිසා නිසල මළ සිරුර සමඟ ලිංගිකව එක්‌ වූ බව තවත් 15 දෙනෙකු සඳහන් කර තිබුණා.

තමන් හුදකලාව සිටින නිසා තමන්ගේ තනිකම පාලුව යටපත් කර ගැනීම සඳහාත් තමන්ට කිසියම් ආත්මීය පහසුවක්‌ ලබාගැනීම සඳහා මෙම හැසිරීමට තමන් යොමු වූ බවයි මෙයින් 15 දෙනෙකු සඳහන් කර තිබුණේ.

තමන් විසින් ඝාතනය කරනු ලැබූ තැනැත්තියකට එරෙහිව ලිංගික ක්‍රියාවක යෙදීමෙන් තමන් සතු බලය ප්‍රකාශ කිරීමට මෙම චර්යාවෙහි නිමග්න වූ බව 12 දෙනෙක් සඳහන් කර තිබුණා.

නිසල මළ සිරුරක්‌ සමග ලිංගික පහසුව සොයන මේ අරුමාකාර ලිංගික රාගිකත්වය හෙවත් Necrophilia පිළිබඳව පර්යේෂණ ලෝකයේ සිදුව ඇත්තේ අවම වශයෙනුයි. සත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මෙම හැසිරීම් රටාවන් සත්ත්ව පරපුරේ උරග විශේෂ වඳුරු විශේෂයන් අතරේදී දැකගත හැකි බවයි.

එහෙත් මානව සමාජයේ මේ වන විටත් මෙම චර්යාවට යොමු වූවන් පිළිබඳව කතිකාවතක්‌ දක්‌නට තිබේ. Rosman සහ Resnick ප්‍රකාශ කරන්නේ මෙබඳු හැසිරීමත් පිළිබඳව තමන්ගේ නින්දේදී කල්ගත කර සිහින දකින උදවිය සිටියත් ඒවා ප්‍රායෝගික ලෝකයේදී ක්‍රියාත්මක කරන්නට බොහෝ දෙනා බියවන වගයි. එහෙත් Kiaf සහ Brown යන පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මළමිනී සමග ලිංගික කාර්යයන් පිළිබඳව සිහින දකින සිහින මවන උදවිය සමාජයේ අප සිතනවාට වඩා බෙහෙවින් ඉහළ මට්‌ටමක සිටින බවයි.

-ඉහත සටහනේ ගෞරවය ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
සමාජවිද්‍යාව හා අපරාධ විද්‍යාව
පිළිබඳ හිටපු කථිකාචාර්ය.-

අපි මෙම Necrophilia හෙවත් මළසිරුරු හා ලිංගික කාර්යයේ යෙදෙන පිරිස් සම්බන්ධයෙන් වන මානසික තත්ත්වයන් ගැන, රජයේ විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා විශේෂවේදී අවසන් වසර විද්‍යාර්ථයෙක් සමඟ කතා බහ කළා…

ඇත්තටම මළසිරුරු සමඟ එකතු වෙන හැම කෙනාම මානසික රෝගීයෙක්ද?
එහෙමම අර්ථ දක්වන්න අමාරුයි. මළසිරුරක් කියන්නේ අප්‍රාණික දෙයක්.. ඒ කියන්නේ පණ නැති වස්තුවක්.. ඒ වගේ කෙනෙක් එක්ක ලිංගිකව එකතු කරන්න ආස කරනවනම් ඒක අපිට මානසික තත්ත්වයේ අවුලක් කියලා සරලවම හඳුන්වන්න පුළුවන්. ඒ දේ වෙන්නේ ඒ කෙනාගේ ඒ මොහොතේ මානසික තත්ත්වය අනුව. මෙහෙම හිතන්නකෝ.. කෙනෙක් මළසිරුරක් සමඟ ලිංගිකව එකතු වෙනවා. පස්සෙ එයාට පසුතැවීමක් ඇති වෙනවා තමන් කරපු දේ ගැන.. ඒක එයා කරන්නේ තමන්ට ඒ මොහොතේ ඇති වන හදිසි ආශාව නිසා.. එක්කෝ අර නිරුවත් ශරීරය දැකලා පාලනය කරගන්න බැරිම තැන ඒ දේවල් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට මේ දේවල් සිද්ධ වෙන්නේ මිනී එම්බාම් කරන පුද්ගලයින් අතින්…

මේ දේ අපිට වර්ග කිරීමක් කරන්න පුළුවන්ද?
මෙහෙමයි… හුඟක් වෙලාවට බොහෝ දෙනෙක් මේ විදිහේ අස්වාභාවික හැසිරීමකින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ සැබෑ ජීවිතේ බිඳ වැටීම්. මම මෙහෙම කියන්නම්කෝ.. හුඟක් මළසිරුරු එක්ක සංසර්ගයේ යෙදෙන්න ගන්න පිරිසක් ඉන්නවා ඔවුන් සැබෑ ජීවිතේ ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන පිරිස්.. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ සහකාරියගෙන් ප්‍රතික්ෂේප වුණු අය. ඉතින් ඔවුන්ට උවමනා වෙනවා ඒ දේ වෙන කෙනෙක් ලව්වා සපුර ගන්න. ඒක තරම් අමානුෂික වුණත් අර කිසිම ජීවයක් නැති මළසිරුරකින් ඔවුන් සතුටු වෙන්න උත්සහා කරනවා වෙන්න පුළුවන්…

ඊළඟ දේ තමයි සමහර අයගේ මානසික තත්ත්වය අනුව ඔවුන් ආස කරන්නේ ලිංගික කාර්යේදී සපා කෑම්, සියුම් සිපගැනීම්, රිදවීම්.. ආදි දේවල්-වලින් තෘප්තිමත් වෙන්න.. මේක සාමාන්‍ය ලිංගික චර්යාව නොවන නිසා ඔවුනුත් මේ කියන කැටගරි එකට වැටෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම මේ අපි කතා කරන මළසිරුරු සමඟ ඇත්තටම සහ සම්බන්ධ වෙන්නේ ලිංගික කාර්යය වෙනුවෙන්ම නෙවෙයි. ඔවුන් ආසයි අර කියන පුංචි පුංචි දේවල්වලිනුත් තෘප්තිමත් වෙන්න. ඔවුන් ඒ සිරුර ස්පර්ශ කරමින්, සපා කමින් හෝ රිදවීම් මඟින් ඒ තෘප්තිය ලබා ගන්නවා.

අනිත් දේ තමයි.. සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන් කැමතියි කුඩා දරුවන් ලවා සතුටු වෙන්න… ඒක සැබෑ ජීවිතයේදී ඔවුන්ට අතිශය අපහසු කාරණාවක්. ඔවුන්ට සිතැඟි පරිදි ඒ දේවල්-වලට යොමු වෙන්න බැහැ. මේ හේතුව මත අර ඇතැම් මළසිරුරු එක්ක ලිංගිකව හැසිරෙමින් හෝ ඔවුන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්නවා. මේ දේවල් සදාචාරාත්මකව කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් මේ විදිහේ ඇබ්බැහි වීම්… මේ විදිහේ මානසික මට්ටම් තියෙන පුද්ගලයන් අපි අතරේ ඉන්නවා..

ඒ වගේම තමයි.. වයෝවෘද්ධ කාන්තාවන්ට ප්‍රිය කරන අය.. ඒ අයගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු වෙන අය.. මේ හැමදේම වගේ… ලිංගික කාර්යයම බලාපොරොත්තු නොවී නග්න සිරුරක් දැකලා තෘප්තිය ලබන්න ආස කරන අය ඉන්නවා. මේ කියන නග්න සිරුරු හැබැහින් දකින්න ආස කරන පුද්ගලයෝ ඒ ශරීරය අල්ලන්නෙවත් නැතුව ඒ දිහා බලලා තෘප්තිමත් වෙනවා.