Press "Enter" to skip to content

BYD ගැන ඇහෙන අලුත්ම ආරංචිය

චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවත් ඉදිරි පියවරකට රැගෙන යමින් චීන BYD විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලබන වසරේදී පාකිස්ථානයේ විවෘත කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.

සම්පූර්ණ විද්‍යුත් වාහන විතරක් නෙමෙයි හයිබ්‍රිඩ් වාහනයත් මේ විදියට පාකිස්තානයේදී එකලස් කරන්න BYD සමාගම අපේක්ෂා කරයි.

ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී චීන BYD සන්නාමය දැන් චීනයෙන් පිටත වෙළෙඳපොළවල ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

විශේෂයෙන් නැගී එන වෙළෙඳපොළවල චීන විද්‍යුත් වාහනවලට පවතින්නේ ඉහළ ඉල්ලුමකි. 

විද්‍යුත් වාහන නිෂ්පාදනය සඳහා දිරිගැන්වීම් සිදුකරන්නත් පාකිස්තාන රජය මේ වනවිට පියවර ගෙන තිබේ.

ලෝකයේ විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන BYD පාකිස්තානයේ ඉදිකරන කර්මාන්තශාලාව මඟින් වසරකට වාහන 25,000ක් නිෂ්පාදනය කරන්න සැලසුම් කරයි.

විද්‍යුත් වාහන සහ හයිබ්‍රිඩ් වාහන සඳහා පාකිස්තාන වෙළෙඳපො‍ළේ ඉල්ලුම් ද ඉහළ යමින් පවතී.

එම වෙළෙඳෙපොළෙන් 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් ග්‍රහණය කරගන්නත් BYD අපේක්ෂා කරයි.

More from UncategorizedMore posts in Uncategorized »