Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෝටර් රථයක් නිපදවයි

ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී අද මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ.

මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක්

Hyundai Grand i10 2018 වසරේ ලියාදිංචි භාවිතා කරන ලද මෝටර් රථයක මිල ලක්ෂ 47කි.

කෙසේ වෙතත් නව මිල ලක්ෂ 55ත් 60ත් අතර වනු ඇති බවට නිල නොවන තොරතුරු වාර්තා වේ.