Press "Enter" to skip to content

රැකියා ඇබෑර්තු දමා නිවසට ගෙන්වාගෙන ලිංගික ක්‍රියාකාරකම්වල යොදවලා: වීඩියෝ කර මුදලටත් අලෙවි කරලා

පුරා වසර 4ක් පුරාවට රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කරමින් කාන්තාවන් නිවසට ගෙන්වා විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවූ යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පැමිණෙන කාන්තාවන් සිර කර විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා වීඩියෝ කර මුදලට අලෙවි කිරීම මෙම යුවළ විසින් සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ළමා හා කාන්තා අපරාධ නිවාරණ කාර්යාංශය විසිනුයි.

මීට දින කිහිපයකට පෙර නුගේගොඩ පිහිටි මෙම නිවසට පැමිණ අදාල සිදුවීමට මුහුණදී නිවසින් පැන ගිය බදුල්ල සහ වැල්ලේගෙදර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු කළ පැමිණිලි අනුව මෙම වැටලීම සිදුකර මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

More from GossipMore posts in Gossip »