Press "Enter" to skip to content

ඒක කියද්දි මගේ ඇස් වලට අදටත් කඳුළු එනවා” – මහේෂි

කලා ලෝකය තුළ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් විදිහට විවිධ ටෙලි නිර්මාණත් එක්ක සම්බන්ධ වුණු ඇය කොයි කවුරුත් දන්න මහේශී මදුසංකා.පසුගිය කාලසීමාවේදී ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය එක්තරා ප්‍රසිද්ධ නාලිකාවක් වෙනුවෙන් විරුද්ධව කතා කරපු නිසයි.

හැබැයි පුංචි කාලේ ඉඳන්ම මහේෂිට අසාධාරණය පේන්න බෑ. ඒ නිසාම ඇය ඒ වෙනුවෙන් කතා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ.ඉතින් ඒ වගේ සිදුවීමක් තමයි පසුගිය දවසකත් සිද්ධ වෙලා තිබ්බේ.කෙසේ නමුත් ඒ සියලු දේවල් එක්ක අද වන විට මහේෂි ආදරණීය සැමියත් එක්ක ජීවත් වෙන්නේ පිටරට ඒ කියන්නේ ඩුබායිවල.

මහේශිගේ සැමියා ගුවන් නියමුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්. ඔහුගේ රැකියාව නිසා තමයි ඇයටත් මේ විදිහට විදෙස් ගත වෙන්න සිද්ධ වුණේ.ඇය හැම වෙලාවෙම ඇයගේ ආදරණීය සැමියා ගැන ගොඩක් ආදරෙන් කතා කරන බිරිඳක්.ඇය ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම ඒ වගේ සැමියෙක් ලැබෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී මහේෂි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.