Press "Enter" to skip to content

පොහොට්ටුවේ උප නගරාධිපති සමග එක්ව කුඩු විකිණූ සීදුවේ නළඟන කොටුවෙයි: දෙන්නා ගජරාමෙට බිස්නස් කරලා

සීදුව නගර සභාවේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයා සමග එක්වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතුව සිටි බව කියන සීදුව ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක ලෙස කටයුතු කරන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව කදිරාණ ප්‍රදේශයේ පදිචිව සිටින මෙම කාන්තාව ඊයේ (03) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

හොරයින් මත්කුඩු ළඟ තබා ගත් චෝදනාව වත අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයාට හොරයින් මත්කුඩු ලැබුණු ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමේදි තමන්ට හොරයින් මත්කුඩු ලබා දුන්නේ මෙම කාන්තාව බව පැවසීමත් සමග ඇය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මෙම නළඟනට මත්කුඩු ලැබුනු ආකාරය සම්බන්ධව තොරතුරු හෙළිකර ගැනීම සඳහා පුළුල් පරීක්ෂන ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම මෙම නළඟන හොරයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අතරවාරයේදී තදින් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමටද ඇබ්බැහි වී ඇතැයිද පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.

සීදුව ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවකදි මෙම නළඟන නියෝජ්‍ය නගරාධිපතිවරයා හඳුනාගෙන ඇතැයිද එහිදි දැන හඳුනාගැනීමෙන් පසු ඇය සමග එක් වී මෙම මත්ද්‍රව්‍ය ජවාරමේ නියුතුව සිට ඇතැයිද මෙතෙක් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි හෙළිව තිබෙනවා.

එමෙන්ම සීදුව ලියනගෙමුල්ල ප්‍රදේශයේ පදිංචි හිත මිතුරෙකු මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින බවත් ඔහුගේ මාර්ගයෙන් තමන්ද අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා පොලිසියට පවසා තිබෙනවා.

හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ බිරිඳ සහ දරු තිදෙනා ඔහු අතහැර ගොස් ඇතැයිද අත්අඩංගුවට ගත් නළගනද සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වන බවත් පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් හොරයින් මත්ද්‍රව්‍ය සමග සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ අනෙක් පුද්ගලයා ද දින හතක කාලයක් සඳහා රැඳවුන් නියෝග ලබාගෙන ප්‍රශ්ණ කරන බවයි පොලීසිය පවසන්නේ.