Press "Enter" to skip to content

තව මාස කිහිපයකින් වාහන මිලට සිදු වන දේ පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් අදහස් දක්වයි

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර හිමිවීම සහ දැනට වෙළෙදපොලේ පවතින වාහන මිල සම්බන්ධයෙන් මෙරට වාහන ආනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මාධ්‍ය වෙත තම අදහස් දැක්වූවා.

එහිදී ඔහු කියා සිටියේ මේ වන විට වාහන මිල අසීමිතව ඉහළ ගොස් ඇති බවත් වාහන සඳහා මිල ගණන් නියම කෙරෙන්නේ වාහන හිමිකරුවාගේ කැමැත්ත අනුව පමණක් බවත්‍.

කෙසේ වෙතත් වාහන ආනයන කටයුතු ආරම්භ කිරීමත් සමඟ නියත වශයෙන්ම වාහන මිළ පහත බසිනු බවද ඔහු කියා සිටියා.

ඔහු සඳහන් කළේ වාහන ආනයනය කිරීමේදී ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේද පිළිබඳ සිය සංගමය රජයේ වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමට උත්සාහ කළත් ඊට නිසි ප්‍රතිචාරයක් රජය පාර්ශවයෙන් නොලැබුණු බවයි.

නමුත් වාහන සම්බන්ධයෙන් දැනුමක් නැති පුද්ගලයින් මහා පරිමාණයෙන් විශාල ලෙස විදෙස් මුදල් සංචිත වැය වන ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමට තීරණය කිරීම මුදල් නාස්තියක් බව ඔහු කියා සිටියා.

එසේ ගෙන්වූ විද්‍යුත් මෝටර් රථද කෝටි 02ක් වැනි ප්‍රායෝගික නොවන මිල ගණන් යටතේ අලෙවි කිරීමට තිබෙන බවද ඔහු පසවසි.

මේ අතර වාහන ආනයනය කිරීමට ඉඩ දී තිබු කාල සීමාවන් වලදී වාර්ෂිකව මෙරටට ඩොලර් බිලියනයක වාහන තම සංගමය විසින් ආනයනය කරනු ලැබූ බවත් රජය ඉන් ඩොලර් මිලියන 700 – 800ත් අතර ප්‍රමාණයක බද්දක් වාර්ෂිකව ඉපැයූ බවත් ලේකම්වරයා පැවසුවා.

මේ වනවිට පහත වැටී ඇති රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට නම් රජය වාහන ආනයනය සඳහා වහා කටයුතු කළයුතු බවත් හෙතෙම කියා සිටියා.