Press "Enter" to skip to content

ඉස්සරහ ගෙදර ‌කාන්තාව 119 ගහලා..

වැඩිම පිරිසක් විනෝදයෙන් ගත කරපු 13 රෑ අමුතු රෑයක් නිසා 119 අමතලා රාගම නිවාස සංකීර්ණයක් කැළඹී තිබෙනවා.

රාත්‍රීයේ මිතුරන් සමග මධුවිත සාදයකට සහභාගි වීමට පුද්ගලයෙකු ගොස් තිබෙනවා.

වයස අඩු තරුණයෙකු සමග අනියම් සබදතාවයක් පවත්වන මෙම පුද්ගලයාගේ බිරිය සිය අනියම් පෙම්වතා රාත්‍රී 10ට පමණ ගෙන්වාගෙන ඇත්තේ සැමියා රාත්‍රීයේ නොඑන බව ඒකාන්තයෙන් විශ්වාස කිරීම හේතුවෙනි.

දුරකථන ඇමතුමකින් සිය අනියම් පෙම්වතා ගෙන්වා ගන්නා අවස්ථාවේ සිය නිවස ඉදිරිපස පිහිටි කාන්තාවක් එය දැක තිබෙනවා.

ඉදිරිපස නිවසේ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ද කාර්යාල මිතුරන් සමග මධු විත සංග්‍රහයකට සහභාගි වීමට ගොස් තිබෙනවා.

අනියම් සබදතාව පවත්වන තරුණ කාන්තාව සිය පෙම්වතා ගෙට ගෙන්වාගෙන යන ආකාරය ඉදිරිපස නිවසේ කාන්තාව අහම්බෙන් දැක පුදුමයට පත්ව තිබෙනවා.

තරුණ කාන්තාව අනියම් පෙම පවත්වන තරුණයා ද මධුවිත පානය කිරීමේ අරමුණින් එම නිවසට පැමිණ ඇත.

කෙසේ වෙතත් අනියම් පෙම්සබදතාව පවත්වන කාන්තාව මුලින්ම එයට අකමැත්ත පල කළ ද තරුණයාගේ දැඩි ඉල්ලීමත මත මධුවිත පානය කිරීමට ඉඩ දී විනෝද වී දෙදෙනා අඹුසැමියන් ලෙස යහන්ගත වී තිබෙනවා.

ඉදිරිපස නිවසේ කාන්තාව සිය ස්වාමි පුරුෂයා එනතුරු රූපවාහිනිය නරඹා ඇත්තේ තමන්ට නින්ද ගියහොත් යන කාරණය මත. එමෙන්ම ඇය දොර අගුළු නොදමා ඇත්තේ ස්වාමි පුරුෂයාට ඇතුළුවීම හැකිවන ලෙසින්.

අළුයම දෙකට පමණ එකවරම හොදටම සූර් වී පැමිණි අනියම් සබදතා පවත්වන කාන්තාවගේ ස්වාමිපුරුෂයා නිවස මාරු වී ඉදිරිපස නිවස තුළට ඇතුළු වී කාමරයකට ඇතුළු වී නින්දට ගොස් තිබෙනවා.

එය නිසියාකාරව නොදුටු කාන්තාව “ආ ඔයා ආවද එයි?”

නිවස මාරු වූ පුද්ගලයා “හම් හම්…”

කාන්තාව “ඔයා සොදගෙනත් ආවද ? මට කතාකළේ වත් නෑ නේ, මාර මනුස්සයෙක් ඔයා නම්”

කෝපයෙන් මෙන්ම කාන්තාව අනතුරුව දොර අගුළු දමා ඇග සේදීම සදහා නානකාමරයට ගොස් සොදාගෙන රාත්‍රී ඇදුම ඇද කාමරයට ඇතුළු වී නින්දට ගොස් ඇත්තේ සිය ස්වාමි පුරුෂයා කාමරයේ සිටින බව කිසිදු බියක් සැකයකින් තොරව නින්දට ගොස් ඇත්තේ ස්වාමිපුරුෂයා විදුලි පහන් දල්වනවා ඇති අකමැත්ත නිසා විදුලි පහන්ද නොදල්වමිනි.

අනතුරුව ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා අළුයම 3ට පමණ නිවසට පැමිණ දොර තට්ටු කර ඇගේ නම අමතා තිබෙනවා.

එවිට එකවරම අවදි වූ කාන්තාව බිය වී තිබෙනවා.

ඇය විදුලි පහන් දල්වා බලන විට ඉදිරිපස නිවස් හිමියා ඔවුන්ගේ යහනේ ඉතා සුව නින්‌දේ පසුවන අයුරු.

ඇය කෑගසමින් නිවසේ දොර විවෘත කර තිබෙනවා.

“අනේ බලන්නකෝ එයි අර ඉස්සරහ ගෙදර මනුස්සයා අපේ ඇදේ”

මධු විත නිසා හරිහැටි සිහිකල්පනාවක් නැති එම පුද්ගලයා එය විශ්වාස නොකර කාන්තාවට පහරදී තිබෙනවා.

“උඹ ඒකා එක්ක බුදිය ගත්තද කියපං. කොච්චර දවසක් ද? මම අද උඹව මරනවා ” යනුවෙන් කෑ ගසා තිබෙනවා.

එම අවස්ථාවේ ඔහුගෙන් බේරීමට නිවස තුළට ගිය කාන්තාව ජංගම දුරකථනයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා තම ස්වාමිපුරුෂයා තමන්ව ඝාතනය කරන්නට සූදානම් වන බව පවසා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම නිවසට පැමිණ කරදරයට මුහුණ පෑ කාන්තාවගෙන් සම්පූර්ණ විස්තරය දැනගෙන අනතුරුව අනියම් සබදතාව පවත්වන නිවසට ගොස් දොර තට්ටු කර තිබෙනවා.

එම අවස්ථාවේ කලබලයට පත් අනියම් සබදතාව පවත්වන කාන්තාව ද ඉදිරිපස නිවසේ කාන්තාවට සිදුවූ දෙයම තමන්ට ද සිදුවූ බව පොලීසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරිපස නිවසේ කාන්තාව පොලීසියට පවසා ඇත්තේ “අනේ මහත්තයෝ මගේ ප්‍රශ්නෙ විසදුනා හරි, ඒත් ඒ ගෑනු කෙනා කියන්නේ අමූලික බොරුවක්. එයාගේ මනුස්සයත් හොද සිහියෙන් නැතිවෙලාවේ එයාට මේ වගේ අනියම් සබදතා පවත්වන එකේ වරදට ලැබෙන දඩුවමක් ගැන කියලා දීලා යන්න. කාගෙ වුනත් පවුලක් කැඩෙනවාට මම කැමති නෑ”

අවසානයේ පොලීසිය පැමිණ අනියම් සබදතාව පවත්වන කාන්තාවට දැඩි ලෙස අවවාද කර මෙවැනි සිදුවීම් මගින් ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවන බවට තේරුම් කර දී පිටව ගොස් තිබෙනවා.