Press "Enter" to skip to content

අලුත් අත්දැකීම් ගන්න බිරිඳ ස්පා එකක වැඩට ගිහින්

ලිංගික ජීවිතය කියන්නෙ කෙනෙක් තෘප්තිමත් වෙද්දි තවත් කෙනෙක් අතෘප්තියෙන් පසුවෙන්න ඕනි තැනක් නෙවෙයි’

දෙදෙනාම එක්ව සතුටු වියයුතු මොහොතක්’

ඒ වගේම විවිධත්වය කියන කාරණයත් මෙහිදී වැදගත්’අපි ගාව තියෙන හරි ප්‍රසිද්ධ කියමනක්නෙ ‘ හැමදාම එකම හෝටලෙන් කෑවාමත් එපා වෙනවා ‘ කියන කතාව’

හැබැයි ඉතින් ඒකට තියෙන විසඳුම හෝටලය වෙනස් කරන එක නෙවෙයි’

සුපුරුදු රසෙන් එහාට ගිහින් විවිධත්වයෙන් යුතුව වට්ටෝරු අත්හදා බැලීමයි’මේ කතාව කියවන ඔබට මං මේ කීව කාරණය කොයිතරම් නම් ප්‍රායෝගිකද ණවැදගත්ද කියලා හිතෙයි’

මානව හැකියා හා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්ප කුමාරිගේ වසර ගණනාවක උපදේශන ජීවිතය තුළ ඇය සාර්ථකව පිළියම් සොයා දුන් තවත් එක කතාවකි මේ’

දිලීප සහ සුලේකා උපදේශනයට යොමුවෙන්න තීරණය කරන්නෙ දික්කසාදෙට අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි’

කාලයක් ආදරේ කරලා විවාහ වුණු දෙන්නෙක් නිසාම අවසාන උත්සාහයත් අරන් මේ බරපතල තීරණයට එළඹෙන්න ඔවුන්ට හිතෙන්න ඇති’

ඊටත් වඩා තවත් හිතන්න දේවල් ඔවුන්ට තිබුණා’ඒ ඔවුන්ට දාව මේ ලෝකයට ආව වයස අවුරුදු 11ක සහ 12ක පමණ දරුවන් සිටීමයි’තමන් කොයිතරම් හැඟීම් ඉස්සර කරගෙන තම තමන්ගේ අවශ්‍යතාවලට මූලිකත්වය දුන්නත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නෙ සියල්ලට ප්‍රථම දරුවන් ඉස්සර කරගත්ත අය’

”‍ මට ඔය කියන කියන විදියට ඉන්න බෑ’මට ඕවා කරන්න වුවමනාවකුත් නෑ”ඔයාට ඕනි දෙයක් කරගෙන යන්න ”‍ සුලේකාගේ සමීපයට එන දිලීපට අහන්න ලැබෙන සුපුරුදු කතාව තමයි ඕක’

දිලීප කියන විදියට සුලේකා මෙහෙම හැසිරෙන්න අරන් තියෙන්නෙ දරුවන් දෙදෙනාගේ පැමීණීමත් එක්ක’

සාමාන්‍යයෙන් බහුතර විවාහක පිරිමි ළඟ තියෙන පොදු තර්කයක් තමයි ” ‘ බබාලා නිසා එයා දැන් ඉස්සර වගේ නෑ”එයා දැන් හරි වෙනස්”’බබාලා ගැන බලනවා ඇරෙන්න මාව ගාණක් නෑ”’‘ වගේ දේවල්’

දිලීපටත් තිබුණේ මේ තර්කයමයි’දිලීප වැරදිත් නෑ කියලා අපිට හිතුණේ ඇත්තටම සුලේකගෙන් ඔහුගේ ලිංගික අවශ්‍යතා පූර්ණ නොවුන නිසයි’

මිනිසා කියන්නෙ ස්වභාවයෙන්ම ලිංගික ජීවියෙක්’

මනුස්සයෙක්ගෙ මූලික අවශ්‍යතාවයන් අතර ලිංගික කාර්‍යය සඳහා හිමිවෙන්නෙ ප්‍රධාන තැනක්’

එහෙම බලද්දි සැමියෙක්ගෙන් බිරිඳට එවැනි චෝදනාවක් එල්ල වීම තුළ අපිට හිතන්න සෑහෙන දේවල් ගැබ්වෙලා තියෙනවා’

දිලීපගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරිකමත් ඒ වෙනුවෙන් ඇයට කිසිම හැඟීමක් වුවමනාවක් හෝ ආසාවක් නොතිබීමත් නිසා ඔවුන්ට තියෙන එකම විසඳුම වෙන්නෙ දික්කසාදය’
එක ඇඳ බෙදාගන්න විවාහකයින් දෙන්නෙක් අතර වෙන කිසිම දෙයක් සෑහෙන කාලෙකින් ඔවුන් අතර වෙලා තිබුණෙ නෑ’

කලාතුරකින් එහෙම දෙයක් වුණා නම් ඒ දිලීපගේ තනි කැමැත්තට විතරයි’

ඇයගෙන් ලැබුණෙ නිහඬව බලාහිඳීමක් මිස ඊට පෙරළා ලැබිය යුතු උණුසුම් ප්‍රතිචාරයක් නම් නෙවෙයි’

දික්කසාද වීම සුදුසුයි කියලා සුලේකත් හිතුවට දරුවො දෙන්නා නිසා ඇයට අඩියක් පස්සට ගන්න වෙනවා’ ”‍ඔයත් මේ විදියට ඉන්න ”මාත් ආසයි මෙහෙම ඉන්න ඔයත් එක්ක”‍ ලිංගිකව හැසිරෙන විවිධ වීඩියෝපට බැලීමට දිලීප වැඩි කැමැත්තක් දක්වන්න එක හේතුවක් වුණා

මේ තත්ත්වය’ඒ නිසාම ඔහුගේ මෙවැනි යෝජනා සුලේකට සාමාන්‍ය දෙයක් බවට පත්වුණා’ ”‍ මම ඕවා දන්නෙ නෑ ”මට ඕවා කරන්නත් බෑ ”ඔයාට ඕනි නම් කැමති තැනකට කැමති කෙනෙක් එක්ක ගිහින් ඕනි දෙයක් කරගන්න”මට ප්‍රශ්නයක් නෑ ””‍ දිලීපගේ යෝජනාවට සුලේකගේ ප්‍රතිචාරය වෙන්නෙ ඒක’

විවිධ තාක්ෂණික උපාංග භාවිතයෙන් හුදෙක් වාණිජ අරමුණින් නිර්මාණය වන එවැනි වීඩියෝපටයක මෙන් ප්‍රායෝගික වීම ප්‍රතික්ෂේප කිරීම එක අතකින් සාධාරණ දෙයක් විදියට දකින්නත් පුළුවන්’

ඒ කොහොම වුණත් සුලේකාගෙන් මෙලෙස ලද අවසරය මත දිලීප ක්‍රියාත්මක වෙන්නෙ අවස්ථාවක් එන තෙක් බලා සිටියාක් මෙන්’

ඒත් ඒ එක පාරටම නෙවෙයි තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරිම වුණු මොහොතක’

ආදරය සහ ලිංගිකත්වය කියන දෙකෙන් කොයි දේ මුලින්ම ඉස්සර වුණත් කාලයක් යද්දි ඔය දෙකම දැනෙන්න ගන්නවා’

දිලීපටත් තමන්ගෙ ලිංගික අවශ්‍යතා සැපිරෙන අතරතුර අනියම් සම්බන්ධයක් පටන් ගන්න මනස නිර්මාණය වෙන්නෙ ලිංගික තෘප්තිය විතරක් නෙවෙයි ආදරයත් දැනෙන්න ගන්න නිසයි’

බිරිඳගෙන් නොලැබෙන සියල්ල හිත පිරෙන්න තවත් කෙනෙක්ගෙන් ලැබෙද්දි ඔහුට තමන් හදාගත්ත ගෙදර ජීවිතය අමතක වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ’ ”‍ ඔයාමනෙ මට යන්න කීවෙ”’ඉතින් මං ගියා ”ඔයා හිතුවෙ මට ඕනි සෙක්ස් විතරයි කියලද ? මට ආදරෙත් ඕනි ”’දැන් මට මං හොයපු දේවල් ලැබෙනවා ”‍ කොච්චර කොහොම වෙනින් කෙනෙක් ළඟට යන්න කීවත් සුලේකගෙ හිතෙත් ගෑනුන්ට ආවේණික සුපුරුදු ර්ෂ්‍යාව උපදිනවා’

ඒ නිසාම වැළපෙන සුලේකට දිලීපගෙන් ලැබෙන්නෙ ඔහොම ප්‍රතිචාරයක්’ ”‍ ළමයි නිසා මං මෙහෙම ඔයත් එක්ක ඉන්නවා ”මොකද තාමත් මගෙ නීත්‍යානුකූල ගෑනි ඔයා ”මං මට ඕනි දේවල් කරගෙන පාඩුවෙ ඉන්නවා”දේවල් මෙහෙම වුණේ ඔයා නිසාමයි කියලා අමතක කරන්න එපා ”‍ දිලීප අරන් එන තර්ක චෝදනා ප්‍රතික්ෂේප කරන්න සුලේකට පුළුවන්කමක් නෑ’

තමන් එක ඇඟිල්ලක් දික් කරන්නෙ තමන්ගෙම පැත්තට ඇඟිලි හතරක් දිගු වෙලා තියෙද්දි කියලා ඇය හොඳටම දන්නවා’

වරින්වර සුළු සුළු ගැටුම් ඇතිවෙන්න මේ හේතු විශාල වශයෙන් බලපෑම් කරනවා’හැබැයි මේ ගැටුම් ඇතිවෙන්නෙ කාටත් නොදැනෙන්න” දෙන්නම එක්ක විසඳගන්න ඕනි ප්‍රශ්නයට තනි තනිව උත්තර හොයන්න සුලේකත් තීරණයක් ගන්නවා’

”‍ මොකක්ද මම කරන්නෙ ”මං මේ වීඩියෝ බලන්න කැමති නෑ ”මට බෑ එහෙම හැසිරෙන්න”මට ඒවා බැලු‍වා කියලා තවත් එපා වෙනවා මිසක් කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නෑ ”‍ ඒ සුලේකාගේම හිත’

ඇයත් අවසානයේ ඉතාමත් බරපතල තීරණයකට එළඹෙනවා’‘ස්පා‘ එකක වැඩ කරලා අත්දැකීම් ලබන්න ඇය තීරණයක් ගන්නවා’

”‍ දිලීපගෙ කැමතිම කෙනා මම වෙන්න මට ඕනි වුණා ”ඒකයි මං එතන වැඩට ගියේ”අන්තිමට මට තේරුණා මොකක්ද මෙතන වෙන්නෙ කියලා ”‍ එක දවසක සුලේකා දිලීපව බලෙන්ම වගේ වැළඳගන්නවා’

ඒක ආදරණීය වැළඳගැනීමකට වඩා කාමුක වැළඳගැනීමක්’විවිධ අත්දැකීම් ඔස්සේ ලිංගිකත්වය හඹා යන දිලීපට මේ වෙනස ගැන සතුටකට වඩා තිබුණෙ ලොකු කුතුහලයක්’
ප්‍රශ්න ගොඩක් එක පෙළට ගලාගෙන එන්න ගන්නවා’

ඔහුගේ හිතට සැකය ගොඩ වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ ”’

දික්කසාදය හොඳම උත්තරේ විදියට තෝරගන්නෙ ඒකයි’දරුවන්ගේ අනාගතය නිකරුණේ දෙපැත්තට වෙන්න යන ජීවිත දෙකක් ගැන නෑදෑ හිතවතුන්ගේ අවධානය යොමුවෙන්නෙ මේ කාලේ’

ඔවුන්ගේ මැදිහත්වීම මතයි උපදේශනය සඳහා දිලීප සුලේකා යුවළ යොමුවෙන්නෙ’

සාර්ථක සැසි කිහිපයකට පසුව නව යුවළක් ලෙසින් ඔවුන් ඔවුන්ගේ ජීවිතයේ අලු‍ත් පිටුවක් පෙරළන්න සූදානම් වෙනවා’

දරුවන් ලැබුණු පසුව වන ශාරීරික මානසික රසායනික වෙනස්කම් කාන්තාවකට ඇති වන සාමාන්‍ය තත්ත්වයක්’

නමුත් වර්ගයා බෝ කිරීමට ර්‍ණලිංගික තෘප්තිය ලැබීමට පිරිමියාට තියෙන කැමැත්ත එයින් අඩු වීමක් වෙන්නෙ නෑ’

යම් කාලයකට හැඟීම් පාලනය කරගෙන උන්නත් දිය යට ගිල්වා තදින් අල්ලාගෙන සිට අතහැරිය පසුව උඩට මතුවන රබර් බෝලයක් මෙන් මේ හැඟීම් ආයෙ ආයෙ මතුවීම වළක්වන්න කාටවත් බෑ’

අනියම් සබඳකම් පිළිගන්න තරමට වෙනත් අයෙක් සමඟ යහන්ගත වීමට අනෙක් පාර්ශවයට අවසර දෙන්න හිතෙන තරමට ලිංගිකත්වය කියන මාතෘකාව ඔබට ප්‍රිය නොවනවා නම් වඩාත් හොඳ ඊට සුදුසු ප්‍රතිකාර ලැබීමයි’

උපදේශනයට යොමුවීමයි’ආදරේ ගැටගහලා තියාගන්න දෙදෙනෙක්ගේ එකිනෙකා වටහා ගැනීම තුළ ගොඩනැන මේ බැඳීම හරි ශක්තිමත් එකක්