Press "Enter" to skip to content

ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.

එහි නව මිල රුපියල් 440කි.

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.

භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත.

එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇත.

More from GossipMore posts in Gossip »