Press "Enter" to skip to content

කොළඹ ජනප්‍රිය පාසලක ගුරුවරියක් නයිට් ක්ලබ් එක්ක ගිහින් මත්කර අතවර කරලා

කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කරුණු වාර්තා කළේය.

විසි පස් හැවිරිදි පැමිණීලිකාර තරුණ ගුරුවරිය, තිස් පස් හැවිරිදි ගුරුවරයා සමඟ ඉකුත් 19 වැනිදා ගල්කිස්සේ පිහිටි සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර නටමින් සතුටුවෙමින් සිට ඇති බවත්, පසුව වෙනත් සමාජ ශාලාවකටද ගොස් ඇති බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අනතුරුව කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයකට ගොස් රුපියල් 6000ක මුදලට කාමරයක් වෙන්කරවාගෙන ඇති අදාළ ගුරුවරයා, ගුරුවරිය සමග එදින රැය ගත කර පසුවදා සවස නැවත නිවෙස් වෙත ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ගුරිවරිය පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළේ ඉන් පසුව බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුරුවරයා තම ස්ථානයට කැදවා ප්‍රකාශ ලබාගත් අතර තමන් කිසිදු දෙයක් එම ගුරුවරියට නොකළ බවත් කාමරයක් වෙන්කරවා ගෙන ඇය හා රාත්‍රීය ගතකලේ ඇය ආරක්ෂා කිරීමට බවත් ගුරුවරයා කළ ප්‍රකාශයෙන් සදහන් වන බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.