මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක් මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබිණි. කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ සුබ දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කෙරුණි. සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබිණි.
මංගල දාට පසු දින උදේ මනාලයාට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියවුණේ එදින ඔහුගේ රාජකාරී ස්ථානයේ අතිකාල සේවයට නිලධාරියෙකුගේ අඩුවක් ඇති බව ය.
එය ඇසූ වහාම හිසේ මලක් පිපුණු මනාලයා මනාලියට චාටු බස් කියා ඉක්මනින් හැඳ පැළඳගෙන අතිකාල රාජකාරී සඳහා පිටත්ව ගියේ ය.
සැන්දෑවේ ඔහු ආපසු එනතුරු මනාලිය හෝටලයේ කාමරයට වී හුදෙකලාවේ කුසගින්නේ කල් ගත කළා ය.
දෙවෙනි ගමන යෙදුණු දවසේ මනාලිය සිය යෙහෙළියකට මේ බව හෙළි කිරීමෙන් පසු මනාලයා ගේ මධුසමයේ අතිකාල සේවය පිළිබඳ කතා පුවත කටින් කට යාම හේතුවෙන් අතිකාල මනාලයා යයි නමක් පට බැඳී ඇතැයි ද දැන ගන්නට ලැබිණි.

මධුසමය පැත්තක දමා මනාලයා ඕටී කරන්න ගිහින්
More from GossipMore posts in Gossip »
- දකුණු කොරියාවේ රිය අනතුරකින් ලාංකිකයන් දෙදෙනෙක් මරුට
- දියණියට උදෑසන ආහාරය සකසන්න අවදි වූ 45 හැවිරිදි මව නිවස පිටුපසදී කපා කොටා ඝාතනය කෙරේ – පලා ගිය සැකකරු වන අලියෙකුගේ ගැටී රෝහලට!
- ජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට – පහර කෑමට ලක් රාජාංගනයේ හිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්
- ජනප්‍රිය නිවුන් නිළියන් දෙදෙනාගෙන් එක් අයෙක් අත්අඩංගුවට
- සීයාට පින් පතා අරමුදල් රැස් කිරීමට මැරතන් තරගයට ගිය ක්‍රීඩිකාව අවසන් රේඛාව පෙනි පෙනී ඇද වැටී මියයයි





