Press "Enter" to skip to content

සැමියාගේ විකෘති කාමාශාව නිසා තරුණ බිරිය රෝහලේ

සභ්‍ය වීඩියෝ නරඹා සිය බිරියට ඒවා පෙන්වා එවැනි විකෘති හැසිරීම්වල යෙදෙන ලෙස බල කළ අයකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම තැනැත්තා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බව ප්‍රශ්න කිරිම්වලදි හෙළිව ඇත.

වෙනත් පුද්ගලයන් සමග අස්වාභාවික ලෙස අඹු සැමියන් වශයෙන් හැසිරෙන්නැයි සැමියා නිතරම බල කර සිටින බවත් එසේ කර ඔහු එදෙස බලා සිටින බවත් ඇය පොලිසියට පවසා ඇත. එවැනි දෑ හේතුවෙන් අසනීපවූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ද ලබාගෙන තිබේ.

මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ බිරිඳ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා බව පොලිසිය පැවසීය. වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි නදීෂා පේමරත්න ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

More from GossipMore posts in Gossip »