Press "Enter" to skip to content

ලබන අවුරුද්දේ සිට පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් !

ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ.

එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10% කින් පමණ ඉහළ යා හැකි බව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්‍ෂා කරන රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ලබන වසරේ (2024) සිට 18%ක් දක්වා වැට් බද්ද වැඩි කිරීමට රජය තීරණය කළේ ය.

එහෙත්, පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සඳහා මෙම වැට් බද්ද අය නොකළ අතර මෙම යෝජනාවලට අනුව පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සඳහා මෙම බදු අය කිරීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇත.

මීට අදාළව 18%ක් දක්වා වැඩි කළ වැට් බද්දට දැනට පනවා තිබෙන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද සහ ‘සෙස් බද්ද’ ඉවත් කිරීම මගින් මීට අදාළව එම අගය 10%ක් පමණ පහළ යා හැකි අතර ඒ අනුව, පෙට්‍රල්, ඩීසල් මිල එම අගයට සාපේක්‍ෂව ඉහළ යා හැකි බව ‘කෝප් ’ කමිටුවේදී සාකච්ඡා වී තිබේ.

එහෙත්, භූමිතෙල් සඳහා මෙම බද්ද අය කිරීමට තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. මෙම කාරණය “කෝප් ” කමිටුවේදී සාකච්ඡා වී ඇති අතර ඉදිරියේ දී මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට යෝජනා වී ඇත.

-mawbima.lk

More from GossipMore posts in Gossip »