මිනිස්සුන්ට තියෙනවා පෞද්ගලික ජීවිතයක්..
උන් ඒක ඇතුළේ මිනිස්සු කී දෙනෙක් එක්ක
යහන්ගත වෙනවද කියන එක උන්ගේ තීරණයක්..
උන්ගේ ඇඳුම පැළඳුම, ඒ විතරක් නෙවෙයි,
ඇඟේ කොටන ටැටූ ගාණත් තීරණයක් කරන්නෙ, උන් විසින්…
ඒ පුද්ගලිකම අතිශය පෞද්ගලික වුණත්,
සමහර වෙලාවට ඒක අතිශය අමානුෂික වෙන තැන එනවා.
මේ කතාවම මීට අවුරුදු ගාණකට කලින්
අන්තර්ජාලය හරි හැටි නොතිබුණු කාලයක,
අන්තර්ජාලයේ අසභ්‍ය වෙබ් පිටුවලට එකතු වෙනවා.
“හිඩ්න් කැමරා” කැටගරි එකේ මුදුනින්ම තිබ්බ,
ඒ වීඩියෝ එකට කැප්ශන් එක දාලා තිබ්බෙ,
“ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් (–නිළියගේ නම–)” කියලා.
ඒ කාලේ සෝශල් මීඩියා නැතිම වුණත්.. ඒ උණුසුම
අඩු වුණේ නැහැ.
කොල්ලෙ කෙල්ලොන්ගෙ ඉඳන් වැඩිහිටියන් වෙනකන්…
පාසල් ළමුන් පවා ඒ කාලේ ආපු
කැමරා ෆෝන් වලින් ඒක රහ බලන්න ගත්තා.
“ඒක එළියට දැම්මේ ඒ නිළිය එක්ක ආදර සම්බන්ධයක්
පවත්වපු කෙනාමයි. ඇත්තටම ඒක බැලුවමත් පේනවා,
ඒක කොච්චර පෞද්ගලික සම්බන්ධයක් ද කියලා.
එයා කැමරාවට හිනාවෙන්නෙ, විරිත්තන්නෙත්
මේක ලෝකෙම බලාවී කියන සිතුවිල්ලෙන් නෙවෙයි.
අරූව සතුටු කරන්න.. ඌ කියන කරන හැමදේම මේ නිළිය කරනවා..”
“ඒක තමා ආදරේ… වෙන මොනා කියන්න ද ඒකට..
මොකද කෙල්ලෙක් හැම එකා ඉස්සරහාම නිරුවත් වෙන් නෑ..
මේකි ඒ මිනිහාට ශාප කළා, වැන්ඳා චරිතේ විනාස කරන්න එපා කියලා.
ඒත් ඒ මිනිහා කළේම තව තව මේ අහිංසකීව බය කරපු එක..
ඒකිට ෆීල්ඩ් එකේ තැන නැති කරන්න උත්සාහ කරපු එක..”
“ඌ හිතපු දේ එහෙමම වුණා. ඒකිට ඒකිගේ චරිතෙට
ඒ වීඩියෝ එක නිසා ලොකු කැළලක් වුණා.
කාලයක් එයා හැමදේකින්ම ඈත්වෙලා හිටියා.
හැබැයි පුදුම තරම් ඉක්මණින් ගෑනි ආයෙ නැඟිට්ටා.
ගමන නැවත්තුවෙත් නෑ අරූට බයේ..”
“අරූට වෙච්ච දේත් කියන්නද ? ඌ ජීවිතේ නැතිකරගත්තා.
අන්තිම මොහොතේ ඌට උදව් කරන්නවත් කවුරුත්
ළඟ හිටියේ නෑ. ඒ තරම් ඌ සමාජයෙන් මිනිස්සුන්ගෙන්
කොන් වුණා. මිනිස්සු ඌව පිළිකුල් කළා..
ඌට කළකම් පළදුන්නෙ එහෙමයි..”
-Hiru






