Press "Enter" to skip to content

තිරිසන් කුඩ අම්මාගේ අමානුෂික ප්‍රහාරයට ලක්වුණ දැරිය.. සංවේදී අය නැරඹීමෙන් වළකින්න..

රාගම ප්‍රදේශයේ කාන්තාවක් ගැහැනු ළමයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ රාගම පොලීසිය අදාළ දැරිය රාගම රෝහලට ඇතුළත් කර අතර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.

17 හැවිරිදි වියේ පසුවන ළමයාගේ මව මියගොස් ඇති අතර කුඩම්මා විසින් ඇයට මෙලෙස පහර දෙනු ලැබුවා.

පොලිසිය සඳහන් කරන්නේ, අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ළමයා අද ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පහරදෙන කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ මෙම කාන්තාව මුදා හැර ඇති බවටත් දරුවා බිය ගන්වා කට උත්තර පවා වෙනස් කර ඇති බවත් කියවේ. බලධාරීන්ගේ අවධානයට යොමු වන්නේ නම් යහපත්‍ වේ.