හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදදිනයේදී රටෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
සිය පවුලේ ඥාතීන් සමඟ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඥාතීන් කටුනායක සිට ඩුබායි බලා ගමන්කිරීමෙන් අනතුරුව අමෙරිකාව බලා යාමට නියමිත බවය.










