Press "Enter" to skip to content

ක‍්‍රිකට් ගැන අනාවැකි කී දේවගැති ජෙරම් ප‍්‍රනාන්දුගෙන් ප‍්‍රශ්ණ කරයි….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ දේව ගැති ජෙරොහ් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ඔහු විසින් විවිධ අවස්ථාවන්හිදී කරන ලද ප්‍රකාශයන් පිළිබඳව මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ලෝක කුසලාන තරගාවලියේ සිදු වූ විනය විරෝධී ක්‍රියා විමර්ශනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත් කරන ලදී. ඒ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙනි.

ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්ව සහ අනෙකුත් චෝදනා ගැන විමර්ශනය කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.

-lankacnews

More from GossipMore posts in Gossip »