බැරි කෙහෙල්මල් සේරම විකුණා දැමිය යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ සති අන්ත පුවත්පතක් හා සාකක්චාවකට එක්වෙමිනි.
‘බදු නොවන ආදායම් තමයි. ලාභ, ලාභාංශ, පොලී, කුලී කියන ඒවා. එතකොට මේ පාඩු ලබන ආයතන සියල්ලම පාඩු ලබන නැත්නම් මහජනතාවට බදු පනවන්න අවශ්‍යතාවක් නෑ. මම කියන්නේ මේ බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන. දැන් මේවා රජය තියා ගත්තාමනේ හොරකම් කරනවා වංචා දූෂණ තියෙනවා කියලා කියන්නේ. මේක පෞද්ගලික වුණාම මේකේ අයිතිකාරයා කවුද? හොරකම් කරනවාද? කියලා හොයන්න කවුරුත් නෑනේ. ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට හදන්න බැරිනම් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ.
දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි දෙයක් විකුණලා ඉක්මනින්ම ජාත්‍යන්තර සංචිතය අඩුම තරමින් බිලියන 3ක් 4ක් කර ගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ මුලවත් මට නම් තේරෙන්නෙ නෑ ලංකාව කියලා රටක් තියෙයිද කියලාවත්’










