Press "Enter" to skip to content

‘තක්කඩි ආණ්ඩුව ඉස්සරහා අපි දණ නවන්නේ නෑ!’ උසාවියට අරන් ආ වසන්ත මුදලිගේ රටටම ඇහෙන්න කෑ ගහලා කියයි! (VIDEO)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද යළිත් හෙට (දෙසැ. 13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ අනුව, ඔහු යළිත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ සිට මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

“මේ රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන එකට කියන්නෙ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි තව අවුරුදු ගාණක් හිරේ ඉන්නෙ. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ දණ ගහන්නේ නෑ.”