Press "Enter" to skip to content

නුවනිදු චාමිකගේ දත් හතරක් ගලවයි… චාමිකට ගාල්ල පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක්විය.

ඒ් පන්දුව ඔහුග‌ේ මුඛයේ වැදීම හේතුවෙනි. මේ හේතුවෙන් චාමිකගේ දත් හතරක් කැඩී ඇති බව නුවර කණ්ඩායම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරයි.

ඒ් අනුව ඔහුට අද තරගය අහිමින අතර චාමික මේ වන විට ගාල්ල පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට මුහුණ දෙමින් සිටියි.

ඔහුගේ තත්ත්වය යහපත් බවද නුවර කණ්ඩායම ප්‍රකාශ කරයි. 

More from GossipMore posts in Gossip »