Press "Enter" to skip to content

අබිරහස් කාන්තාවක් උසාවියට ඇවිත් ඩොලර් 150,000ම ‌ගෙවලා… නවතින්න තැනකුත් හොයලා දීලා….

අතවර චෝදනාවකට ලක්ව මේ දිනවල ඔස්ස්ට්‍රේලියාවේ සිටින ධනුෂ්ක ගුණතිලක හට එරට සිටින ධනවත් ශ්‍රී ලාංකික පුද්ගලයන් උපකාර කිරීම ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙල්බර්න්හි පදිංචි ධනවත් ලාංකික කාන්තාවක් ධනුෂ්ක හට ගෙවිය යුතුව තිබූ අධිකරණ ඇප මුදල වූ ඩොලර් 150,000ක මුදල තනිවම ගෙවා දමා ඇති බව පැවසේ.

ධනුෂ්ක සමග මෙම කාන්තාවට ඇති සම්බන්ධය හෝ ඇය හුදෙක් ඔහුගේ රසිකයෙක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

එමෙන්ම මේ වනවිට ඔහුට නවාතැන් සහ අනෙකුත් සියලු පහසුකම් එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ලබා දී ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම ඔහුගේ නීතීඥ ගාස්තු දැරීමටද මෙම පිරිස සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

-mawrata

More from GossipMore posts in Gossip »