Press "Enter" to skip to content

සජබෙ 7ක් ආණ්ඩුවට… රාජිතට සෞඛ්‍ය ඇමතිකම…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් හත්දෙනකු ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මෙම කණ්ඩායම ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග අයවැය අතරතුරදී ආණ්ඩුවට එක් වනු ඇතැයි ද සදහන්ය.

මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඔහු අයවැය කාලසීමාව ඇතුළත ආණ්ඩුවට එක්වී එම ඇමැති ධුරය ලබා ගනු ඇතැයිද සඳහන්ය.

දැනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනත් අමාත්‍යධූරයක වගකීම පැවරුණු ඇතැයිද වාර්තාවේ.

-lankacnews

More from GossipMore posts in Gossip »