Press "Enter" to skip to content

“සර් මගෙ කාමරේ නිදියන එක පුතාවත් දැක්කොත් හරි නෑනේ” – උපකාරක පන්ති ගුරුවරයා සිසුවාගේ මවගේ ඇඳේ නිදාගෙන වූ දේ

හදිසියේ ක්ලාන්තයක් සෑදුණු උපකාරක පන්ති ගුරුවරයෙකු දන්නා හඳුනන සිසුවෙකුගේ නිවසට නොදන්වා ඇතුළු වී නිදාගෙන සිටීමෙන් සිදුවන්නට ගිය අලකලංචියක් අනූ නවයෙන් බේරුණු පුවතක් පොළොන්නරුවෙන් වාර්තා විය.


කාගේත් සිත්ගත් උපකාරක පන්ති ගුරුවරයෙක් වූ ඔහු කලක සිට සිරුරේ සීනි පාලනය කිරීමට ප්‍රතිකාර ලබාගත් අයෙකි. 

ඔහු නිවසක පැවති පන්තියක් අවසන් කර එමින් සිටියදී හදිසියේ ක්ලාන්තයක් සෑදී ඇත්තේ එදින මාත්‍රාව ඉක්මවා බෙහෙත් ලබාගෙන තිබීම හේතුවෙනි.


තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බව තේරුම්ගත් ගුරුතුමා මග අයිනේ වූ දන්නා හඳුනන සිසුවෙකුගේ නිවසට ගමන් කර ඇත්තේ රැකවරණය පතායි.  

නිවෙසට ගියත් කිසිවකු පෙනෙන්නට නොසිටි හෙයින් ඔහු ඉදිරිපස කාමරයේ ඇඳට වැටුණේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමටය.


හෝරාවක් පමණ ගතවීමෙන් පසු ගුරුතුමන් තරමක් සුවය ලබා තිබේ. 


ඔහු නැගිට දනි පනි ගාද්දී නිවැසි කාන්තාව ඒ හඬ බලන්නට ආවාය. තමන්ගේ කාමරයේ පිරිමියෙකු නිදා සිටිනු දුටු ඇය වික්ෂිප්ත වූවාය. 


“අනේ නෝනා මට සමාවෙන්න. මට හදිසි අසනීප ගතියක් ඇති වුණා. මම ඇවිල්ලා නිදාගත්තා. කරදරයක් වුණා නම් සමාවෙන්න.” යැයි ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේ කාන්තාව පුදුමයට හා බියට පත්ව සිටින බව දැකීමෙන් පසුවයි.


‘අනේ සර් ඒකට නං කමක් නැහැ. මේ අල්ල පනල්ලේ අපේ මහත්තයා ආවනං මොනවා හිතයිද කියලයි මං මේ කල්පනා කළේ, සර් මගෙ කාමරේ නිදියන එක පුතාවත් දැක්කොත් හරි නෑනේ” ඇය කීවාය. 


“මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි” පැවසූ ඔහු නිවෙසින් පිටත්ව යාමට සැරසුණේ කාන්තාවට දැඩි යටහත්පහත් කමක් පාමිනි.


“මහත්තයා බේත් ගන්නකොට තරමට ගන්න, වැඩිය ගන්න එපා. ආයෙත් අසනීප වුණොත් හැමදාම මෙහෙම ආරක්ෂාව ලැබෙන එකක් නෑ” යි ඇය කීවේ කට කොනකට ගත් සිනාවක් ඇතිවයි. 

More from UncategorizedMore posts in Uncategorized »