උපන්දිනය දා මහින්දට අගමැතිකම!
ඒ අතරතුර මේ දිනවල පොහොට්ටුව ඇතුළේ යන විශාල කසුකුසුවකින් කියැවෙන්නේ මහින්දගේ උපන්දිනය යෙදී ඇති නොවැම්බර් 18 වැනි දිනට විශේෂ උපන්දින තෑග්ගක් ලබාදීමට පොහොට්ටු මන්ත්රීවරුන් සැලසුම් කොට ඇති බවකි. වරක් 2005 ජනාධිපතිවරණයේදී රටේම ජනතාව එකතු වී මහින්දට නොවැම්බර් 18 වැනි දින ජනාධිපති තෑග්ග ලබාදුන්නා සේ මෙවර පොහොට්ටු මන්ත්රීවරුන් යළිත් වතාවක් අගමැති ධුරය උපන්දින තෑග්ග ලෙස මහින්දට ලබාදීමට සැලසුම් කරමින් සිටින බවක් එම කසුකුසුවෙන් කියැවේ. ඒ සඳහා බහුතරයක් මන්ත්රීවරුන් අස්සන් කරන ලද ලිපියක් ලබාදීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.
උපුටා ගැනීම – මව්රට






