Press "Enter" to skip to content

පාන් ගෙඩියක මිල 240 පනී

පාන් රාත්තලක මිල මේ සතියේ සිට රුපියල් 250 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ දමා ඇති බවය.

ඒ අනුව රුපියල් 190 කට අලෙවි කෙරෙන ග්‍රෑම් 450 ක් බරැති පාන් රාත්තලක් රුපියල් 250 ක් දක්වාත්, රුපියල් 60 ට 70 ට අලෙවි කෙරෙන බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 30 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බව එන්.කේ. ජයවර්ධන පවසනවා.

More from UncategorizedMore posts in Uncategorized »