පසුගිය 09 වැනිදා ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට ඇතුළු වී පොදු දේපළවලට හානි කළ බව පවසමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.
එහිදී මාධ්‍යවේදියකු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ දින 52 ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ කලහකාරී සිදුවීමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එම පොදු දේපළ සම්බන්ධ නීතිය අදාළ නොවේද කියායි.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුව තුළ සිදුවන සිද්ධීන්වලට අත පෙවීමට රටේ පවතින නීතියට බලයක් නොමැති බවයි.
වීඩියෝව මෙතනින්
https://www.facebook.com/watch/?v=720154002418718






