Press "Enter" to skip to content

අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නාය.

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ඉල්ලා අස්වීමෙන් පුරප්පඩු වූ මන්ත්‍රී ධූරයේ නානායක්කාර මහත්මිය දිවුරුම් දී තිබෙි.

දිවුරුම් දීමෙි අවස්ථාවට බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රිය ශාන්ත, උප සභාපති මර්වින් නන්දසිරි පෙරේරා සහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අනුර ඔබේසේකර  මහත්වරුද සහභාගී වූහ.