එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් පත් කිරීම සිදු කර ඇත.
කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම ,පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් සහ සහයෝගය ලබාගැනීම සඳහා මෙම පත් කිරීම සිදු කළ බව ජනාධිපති කාර්යාලය කියයි






