රටින් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආධාර කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි පත් කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසන්නේ.
ඊට හේතුව අලි සබ්රි මහතා යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නීතිඥයා බවයි මන්ත්‍රීවරයා කියන්නේ.
“අලි සබ්රි අමාත්‍යවරයා දැන් විදේශ අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥවරයා බවත්, ඔහු වෙනුවෙන් නඩු 35කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බවත් ඔහුම ප්‍රකාශ කළා. ඔහු විදේශ ඇමති ලෙස පත් කළේ ඇයි” දැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.






