ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
ඒ අනුව ඒ මහතා මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වෙයි.
මේ අතර වාර්තා වන්නේ ඔහු යටතේ අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා හතර දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවයි.
දිනේෂ් ගුණවර්ධන, විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ සුසිල් ප්‍රේම ජයන්ත යන මහත්වරුන් මෙසේ යෝජනා වී තිබේ.






