Press "Enter" to skip to content

හමුදා ආරක්ෂාව සහිත කන්ටේනර් පෙට්ටියේ ඇත්ත

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් දැනුවත් කිරීමක්

මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන කොළඹ වරාය පර්යන්තයෙන් විශේෂ ආරක්ෂාවක් සහිතව කන්ටේනර් පෙට්ටියක් පිටකිරීමට කටයුතු කර තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

එම වීඩියෝවේ ඇතුළත් බහලු මෙහෙයුම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකරන විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රවය නැවත අපනයනය කිරීමක් වන බව ඔවුන් සඳහන් කරයි.

එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්යය බලකාය ස්ථානගත කිරීම සාමන්‍යයෙන් සිදුවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

More from GossipMore posts in Gossip »