මන්දමානසික වැඩිමල් දියණිය ලිංගික ඇසුරට යොදාගත් 51 හැවිරිදි තිදරු පියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
32 හැවිරිදි එම තරුණිය මේවන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
බාල සොයුරිය තම පියා මන්දමානසික වැඩිමල් සොයුරිය සමග ලිංගිකව හැසිරෙන අයුරු දෑසින් දැක තිබේ.
පසුව බාල සොයුරිය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකරු ප්රදේශයෙන් පළා ගොස් තිබුණි.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට සැකකරු දියණියට එම අපරාධය සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිව ඇති බව පොලීසිය පවසයි.
පසුගිය දා සැකකරු නිවස ආසන්නයට පැමිණ සිටියදී ප්රදේශවාසින් විසින් අල්ලා ගෙන පොලීසියට දැනුම් දී තිබුණි.
පසුව අදාළ පියා අත්අඩංගුවට ගෙන ඇත.






