Press "Enter" to skip to content

43 හැවිරිදි විවාහකයා සමග සා/පෙළ ශිෂ්‍යාව පැන ගිහින්

පොලිසියට ගෙන්වූ විවාහකයාගේ ෆෝන් එකේ ලිංගික දර්ශන – දෙදෙනාම අධිකරණයට

මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි 18 හැවිරිදි තම දියණිය නිවසින් අතුරුදන් වී ඇති බවට වතු කම්කරු යුවළක් රක්වාන පොලිසියට පැමිණිලි කර ඇත. පසුව සොයා බැලීමේ දී ඇය 43 හැවිරිදි විවාහක තිදරු පියකු සමග පැන ගොස් ඇති බව හෙළිවී තිබේ. පසුව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේ දී තරුණිය පවසා ඇත්තේ තමන් අදාළ තැනැත්තා සමග කැමැත්තෙන් ගිය බවය. 

අදාළ පුද්ගලයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝගත කර තිබී ඇත. එම අසභ්‍ය දර්ශන පටිගත කර තිබීම නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගබ්බෙල – පියදාස රක්වාන

More from GossipMore posts in Gossip »