Press "Enter" to skip to content

නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය

පොලිස් නිලධාරියෙකු නිල ඇඳුමින් සැරසී පාසල් දරුවෙකුට ආහාර කවන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරයි.

නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා මෙලෙස ආහාර ලබාදෙන්නේ අනතුරකට ලක්වූ දරුවෙකුටය.

අද උදෑසන කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල ඉදිරිපිටදී මෙම දරුවා බස් රථයෙන් වැටී අනතුරට ලක්ව තිබේ.

එම අවස්ථාවේ පාසල ඉදිරිපිට රථවාහන රාජකාරී කටයුතුවල නිරතව සිට ඇත්තේ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාය.

අනතුර දුටු පොලිස් ස්ථානාධිපතිවරයා කඩිනමින් ක්‍රියාත්මක වී ක්ලාන්ත වී සිටි දරුවා ජීප් රථයට නංවාගෙන නවගමුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

එහිදී ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දරුවා කුසගින්නේ සිට ඇති බව අනාවරණය කරගත් පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස අවන්හලක් වෙත රැගෙන ගොස් දරුවාට අහාර ලබා දී තිබේ.

අනතුරුව දරුවාගේ මව්පියන් කැඳවා දරුවා ඔවුන් භාරයට පත්කළ ස්ථානාධිපතිවරයා නැවත සේවයට වාර්තා කර ඇත.

පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමින් වැසී තිබුණද හදවත ඇති කරුණාව මොනවට පැහැදිළි කරන මෙම ඡායාරූප පෙළ මේ වනවිට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

More from GossipMore posts in Gossip »