Press "Enter" to skip to content

චිත්‍රපට සහාය නිළියක් සොරුන් දෙදෙනකු දරුණු ලෙස දූෂණය කරලා

චිත්‍රපට කලාවේ සහාය නිළියක ලෙස කටයුතු තරුණියක් මීට දින දෙකකට ඉහතදී තම නිවස තුළදීම දූෂණයට ලක්ව තිබේ.

මෙම ඛේදජනක සිදුවීමට මුහුණ දුන් සහාය නිළියක පසුගිය දිනෙක රාත්‍රීයේ නිවසේ තනිව සිටින අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ දොරට තට්ටු කර තිබේ.

එම අවස්ථාවේ අදාළ සහාය නිළිය දොර විවෘත කර කවුද කියා බලන විට නාදුනන පුද්ගලයෙකු ඇගේ ගෙලට තියුණු පිහියක් දිගු කර ඇත.

දැඩි ලෙස බියට පත්වූ සහාය නිළියට කිසිදු වචනයක් හෝ කියා කෑගැසීමට නොහැකිව වී ඇති අතර එම සොරා විසින් ඇයව ඇගේ නිවසේ කාමරයට ඇදගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දරුණු ලෙස දූෂණයට ලක් කර තිබේ.

එම අවස්ථාවේ තවත් නාදුනන පුද්ගලයෙකු ද කාමරයට ඇතුළු වී ඇත.

එය දුටු සහාය නිළිය තවත් බියවී සිටියදී පළමුව ඇයව දූෂණය කළ පුද්ගලයා ඔහුගේ සහායෙකු බව පසුව ඇය වටහා ගෙන තිබේ.

අනතුරුව එම පුද්ගලයා ද ඇයව දරුණු ලෙස දූෂණයට ලක් කර තිබේ.

ඉන් නොනැවතුන එම පුද්ගලයින් ඇගේ නිවසේ තිබූ ලක්ෂ 10ක් වටිනා රන් ආභරණ, මුදල්, ඇගේ ජංගම දුරකථනය ද සොරාගෙන පැන ගොස් ඇත.

මෙම සිදුවීම වාර්තා වන්නේ චෙන්නායි හි (Valasaravakkam) ප්‍රදේශයෙනි.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ දකුණු ඉන්දීය සිනමාවේ සහාය නිළියක් වන අතර, ඇගේ නම ප්‍රචලිත නොකිරීමට ඉන්දීය මාධ්‍ය වගබලාගෙන තිබේ.

කෙසේ වෙතත් දරුණු වේදනාවෙන් පසු වූ සහාය නිළිය කාගේවත් උදව් උපකාරයක් නොමැතිව පොලීසියට ගොස් මේ පිළිබදව පැමිණිලි කර ඇති අතර, නිළියගේ ජංගම දුරකථනය ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ජංගම දුරකථනය ඔස්සේ චෙන්නායි පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »