Press "Enter" to skip to content

කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල 3,500 ඉක්මවන ලකුණු

ලිත්‍රො ගෑස් සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් ඉහළ දැමීම සදහා රජයෙන් ඉල්ලීම් කර තිබේ.

ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහල යාම හා මෙහෙයුම් පිරිවැය ඉහල යාම හේතුවෙන් මෙම ඉල්ලීම කල බව සමාගම කියයි.

රජය මෙම ඉල්ලීම සදහා අවසර දුනහොත් එම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3600 දක්වා ඉහල යයි.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ මිල වැඩි කිරීම සදහා ඉල්ලීමක් ඇතත් මෙතෙක් ඒ සදහා තීරණයක් ගෙන නැති බවයි.

More from GossipMore posts in Gossip »