Press "Enter" to skip to content

ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්… තවත් රු. 120කින් වැඩිවන ලකුණු…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලැබුවද ඉන්ධන මිල වැඩි කලේ රුපියල් 55 කින් පමණක් බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

මෑතකදී සිදුකළ ඉන්ධන මිල වැඩි කිරීමෙන් පෙට්ට්‍රල් හා සුපරි ඩීසල්වලින් ලබන පාඩුව පමණක් පියවා ගත් බවද හෙතෙම පැවසීය.

නමුත් ඩීසල්වලින් ලබන පාඩුව පියවා ගැනීමට නම් ලීටරයක් 120 කින් මිල ඉහල දැමිය යුතු බවත් හෙතෙම කියා සිටී.

පැරණි මිලටම තවදුරටත් ඉන්ධන වෙළඳාමේ යෙදුනේ නම් තෙල් සංස්ථාව මෙම මාසයේදී රුපියල් කෝටි 2600ක් පාඩු ලැබීමට නියමිතව තිබූ බවද හෙතෙම තවදුරටත් පැවසීය.

පසුගිය දා වැඩි වූ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න…

More from GossipMore posts in Gossip »