“කවුද අපිට වැඩ දෙන්නෙ. නිල් චිත්රපටිවල රඟපාන්නද ගිහින්…”
“ඔය කියන ජනප්රිය උන් ලොකු ලොකු හොටෙල්වල
මේවා කරනවා. නැතුව නෙවෙයිනේ.”
“….සර්… ආවොත් අල්ලගන්න පුළුවන්. එතන ඉන්නවා කෙල්ලො හතර පස් දෙනෙක්. හැබැයි සර්ලා ආවොත් උන් කියයි මෙතන ටෙලියක් ගහනවා, ෂූටින්…. ඇවිල්ලා ඉන්නෙ කෲ එක කියලා. පට්ටපල් බොරු සර්…. නිකමට කාමරේකට ගිහින් බලන්න… කොණ්ඩම් පුරවලා….. තව තව ගැජට් තියෙනවා. සමහරු ඉන්නෙ හෙලුවැල්ලෙන්… ඔක්කොමලා සර්ලා දැකලා පුරුදු නිළියෝ තමයි. මුන් ගමෙන් එන කෙල්ලොත් අල්ලගෙන සර්…. උන් සමහරු ඉන්නෙ අකැමැත්තෙන්… එකියක් මේ ළඟදි පැන්නා… මෙතන ඇවිත් බහින්නෙ ඔක්කොම ලොකු ලොක්කෝ… සර්ට ඕනි නම් උන් ගැනත් මම කියන්නම්..”
මේ පසුගිය දවසක රටේම අවධානය යොමු වුනු,
අත්අඩංගුවට පත් වුණු නගර සෝබනියන් කිහිප දෙනෙකු ගැන කතාවක්..
ඔව් ! එයාලගේ විශේෂත්වයක් තියෙනවා…
ඒ අය ජනප්රිය නිළියන්……..ලූ…!!
හත්වලාමේ… ඇත්තද ඒ කතාව ?
“…ඔව් ඔව්.. මම නිළියක් තමයි ඉතින්.. එහෙම කියලා අපිට ඇලඩින්ගේ පුදුම පහන හම්බෙලා නෑනේ. මේ මේක්අප් ගාපු මූණ තියාගෙන, අපේ කැමැත්තෙන් අපි විකිණුනේ.. තොපිට තියෙන අමාරුව මොකද්ද ? මම අහන්නෙ තොපි එකෙක්ටවත් අමාරුවක් නෑනේ ඇත්තටම… අපි මහ ලොකු ජනප්රිය උන් නෙවෙයිනේ… හැබැයි ඔය කියන ජනප්රිය උන් ලොකු ලොකු හොටෙල්වල මේවා කරනවා. නැතුව නෙවෙයිනේ..”
“අවුලක් නෑ.. අපිවත් හිරේ දාන්නකෝ.. පත්තරවලත් දාන්න.. ගෙඩිය පිටින් නම් පිටින් දාන්න… අවුලක් නෑ… මම මෙහේ ආවේ නිළියක් වෙන්න තමයි. කොවිඩ් කාලේ වැඩ නැතිවුණාම අපිට පාරට බැහැලා හිඟා කන්න බෑනේ. මොකද අපි නිළියොනේ. කවුද අපිට වැඩ දෙන්නෙ. නිල් චිත්රපටිවල රඟපාන්නද ගිහින්… අපි අපේ ඇඟ විකිණුවේ සතුටින්.. මොකද අපිට ඒවාට සල්ලි ලැබුණා. අපි හොඳට හම්බ කළා… ඒක වැරදි නෑනේ.. මොකද අපිව කවුරුත් රේප් කළා නෙවෙයිනේ.. හරි මම දන්නවා කියන්න හදන දේ… ඔය කියන්නේ මේක නීතිගත නෑ, හරිම වැරදි වැඩක් කියලනේ..”
“ඔව් ඉතින් මේ රටේ මෙච්චර වැරදි දේවල් වෙන්නෙ.. අපි ගැනම හොයන්නෙ මොන මඟුලටද ? ඔව් …. අපි මේක හොර රහසේ තමා කළේ. මොකද ඉතින් කරන්න යන්නෙ ? අපිව එහෙම ඇතුළට දානවා නම් අපි ව හොයාගෙන ආපු අයගේ නම් ගම් තනතුරුත් අපි එළියට දාන්නම්… හැබැයි එකක්…. රටම දන්න ජනප්රිය නිළිය කියලා හෙඩිම දැම්මා වගේම උන් ගැනත් දාන්න ඕනි රටම දන්න ඇමති මැති කියලා..? මොකද කියන්නෙ ඔට්ටුද ?”
මේ කතාවේ නිළියන් කිහිප දෙනෙක් මඟ ඇරිලා…
ඒ අයට පුළුවන් වුණා මේ කතාවට නෑකම් නොකියා පැනලා යන්න !!
සමහරවිට හෙට අනිද්දට ඒ අයත් නීතියට කොටු වෙයි..
එදාට තවත් කතන්දර ගොඩක් මේ විදිහට අහන්න පුළුවන් වෙයි……………






