Press "Enter" to skip to content

නැවෙන් ආපු ගෑස් ඉවරයි – ගෑස් මිලත් යළි ඉහළට

දැනට මෙරටට පැමිණ ඇති ගෑස් සහිත නෞකා නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීම මත වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම අද සිට අවම වනු ඇතැයි ලිට්රෝ ගෑස් ආරංචි මාර්ග කියා සිටියි.
මීට දින තුනකට පෙර මුදල් ගෙවා ගොඩබාන ලද එක් නෞකාවක තිබූ ගෑස් මෙට‍්‍රික් ටොන් 2500 බෙදාහැරීම අද දිනයෙන් අවසන් වන බව එම ආරංචි මාර්ග පැවසීය.
සමාගම විසින් ආනයනය කරන ලද තවත් ගෑස් මෙට්‍රික් ටොන් හත්දහසක් අඩංගු නෞකා දෙකක් ශ්‍රී ලංකාව අවට මුහුදේ දැනට සතියකට වැඩි කාලයක් තිස්සේ නැංගුරම් ලා තිබේ.

මෙම නැවු නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබේ.

ගෑස් හිගය හේතුවෙන් දැනටමත් ගෑස් අලෙවි සැල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ඇති අතර රට පුරා ආපන ශාලා, බේකරි විශාල ප‍්‍රමාණයක් වසා දමා ඇත.

මේ අතර රට තුළ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අද (10) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“රුපියල් තුන්සිය ගාණට තිබුණු ගෑස් මෙට්‍රික් ටොන් එක අද රුපියල් 900 අභිබවා ගිහින් තියෙනවා. දශක 3කට පස්සේ ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වෙලා.”

“දැනට ගෑස් මිල වැඩිවෙලා තිබෙනවා වගේම.. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ සත්‍ය තත්ත්වය අපි රටට කියන්න ඕනේ. හංගන්න දෙයක් නෑ.”

More from GossipMore posts in Gossip »