Press "Enter" to skip to content

බිරිඳ තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරලා

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන 32 හැවිරිදි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මහනුවර පරිගණක අපාරාධ කොට්ඨාසය මගින් අද (10) මාතලේ ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

තම නිරුවත් ඡායාරූප කිසිවෙකු විසින් වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට සිද්ධියට මුහුණදුන් කාන්තාව විසින් මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකින් පසු සිදුකෙරුණු විමර්ශනවලදී අදාළ කාන්තාව පිළිබඳව අනාවරණය වී තිබේ.

සැකකාර කාන්තාව සහ නෑනා කලක් මිත්‍රත්වයෙන් සිට මේ වනවිට අමනාපයෙන් පසුවන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »