Press "Enter" to skip to content

මැති ඇමතිලාට යළි වාහන බලපත්‍ර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වාහන බලපත්‍ර නැවත ලබාදීමට රජය සූදානමක ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමග ආණ්ඩුවේ ප්‍රබලයෙකු මේ බව සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන නිදහස් වාහන බලපත්‍රය අත්හිටුවන ලද්දේ කොරෝනා අර්බුදය පැවතීම සහ මෙරටට බලපා ඇති විදේශ විනිමය අර්බුදයේ හේතුවෙනි.