Press "Enter" to skip to content

සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ දැඩි ගැස් හිගයක්

වෙලදපලේ මේ වන විට උග‍්‍ර ලිත්‍රො ගෑස් හිගයක් මතුව තිබේ. ලාෆ් ගෑස් තම සැපයුම මාස කිහිපයක සිට දැඩිව සීමා කර ඇත.

ලිත්‍රො සදමාගමේ එකම ගෑස් සිලින්ඩරයක්වත් මාර්තා මාසය තුල වෙලදපලට නිකුත් කර ඇත.

දැනටමත් ගෑස් රැුගත් නෞකා දෙකක් කොළමට පැමිණ ඇතත් ඩොලර් අර්බුදය හේතුවෙන් ඒවා ගොඩපෑම සතියක පමණ කාලයක් ප‍්‍රමාද වී ඇත.

ලිත්‍රෝ සමාගමේ අභ්‍යන්ත ආරංචි මාර්ග සදහන් කරන පරිදි පසුගිය සතියේ එනම් පෙබරවාරි 28 වෙනිදා සිට ලිත්‍රෝ සමාගමට ගැස් සැපයුම් කරුවකු නොමැත.

ඒ වසර 2 ක ගිවිසුම අවසන් විමත් සමග ලිත්‍රෝ සමාගම් දීර්ගකාලින සැපයුම් ගිවිසුමෙන් ඉවත් වී හදිසි ඇනවුම් කිරිමට සුදානම් විමයි.

මීට හෙතුව ඉතා අඩු මිලකට ගැස් මිලදි ගැනිමට හැකිබවට පුරෝකතනය කිරිමෙනි.

එහි ප්‍රතිපලයක් ලෙස මාර්තු මාසය සදහා අව්‍යාශ මෙට්‍රික් ටොන් 30000 ක් මේ වන තෙක් සපයාදීමට සැපයුම්කරුවකු ඉදිරිපත් වී නැත.

පවතින තත්වය මත සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ දැඩි ගැස් හිගයක් නිර්මානය විම වැලක්විය නොහැකි බවත් වෙලෙදපොල 80% හිමි ලිත්‍රෝ සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අතර වෙලදපලෙන් 20% හිමි ලාෆ් ගෑස් වෙලෙදපොල සැපයුම අඩාල කොට ඇත්තේ එම සමාගමද විශාල මූල්‍ය අර්බුදයකට මුහුන දී තිබෙන නිසාය.

විශේෂයෙන්ම සංචරක කර්මාන්තය සදහා අත්‍යවශ්‍ය ගැස් හිගවිම තුලින් එම කර්මාන්තයටත් ගෑස් අර්බුදයෙන් වැඩිපුර විදුලිය පාවිච්චි කිරීමට සිදුවීමෙන් විදුලි ක්‍ෂෙත‍්‍රයත් අර්බුදය තවත් උග‍්‍ර වනු ඇත.

මේ සම්බන්ධයෙන් ලිත්‍රෝ සබාපති තෙසර ජයසිංහ මහතා මහතාගෙන් විමසීමක් කිරිමට කිහිපවරක් ලිත්‍රෝ හදිසි ඇමතුම හරහා උත්සහ ගත් අතර එය ද ව්‍යයර්ත විය.

More from GossipMore posts in Gossip »