Press "Enter" to skip to content

“මගේ පුතා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් – ඒ දරුවාට මිනිස්සු කෙළ ගහලා තියෙනවා” – උමාරා සංවේදී වෙමින් කියූ කතාව

උමාරා හා උමාරියා කියන අක්කා නගෝ සහෝදර සුසංයෝගය හරි සුන්දරයි.

ඔවුන්ගේ මුහුණුවර හා කඩහඬ ඇසූ පමණින් රටේ සියලුම දෙනා පවා දන්නවා.

ඔවුන් දෙදෙනාම භාතිය හා සන්තුෂ් සමඟ ගායන ක්ෂේත්‍රයට පැමිණ පසුව තමන්ගේම ගායන ශෛලීන් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට යමින් මේ වෙද්දි ඉතා ජනප්‍රියත්වයට පත් වූ ගීත රැසක හිමිකරුවන් වී තිබෙනවා.

ඉතින් ඔවුන් දෙදෙනාම අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ගායන ශිල්පීන් දෙපළක්.

මේ වෙද්දි උමාරා සිංහවංශ පුංචි පුතෙකුගේ ආදරණීය මවක්.

පසුගිය දවසක ඇය මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර තමන්ගේ පුතාගේ ජීවිතයේ පිටුපස තිබූ ඒ සංවේදී කතාව පිළිබඳව සංවේදීව අදහස් ඉදිරිපත් කළා.

“මම ළමයින්ට ගහන එක තරයේ හෙලා දකිනවා. විශේෂයෙන්ම වේවැල. මම මේ කියන්න යන කතාව මට ගොඩක් සංවේදී මාතෘකාවක්. ඒ නිසා සමාවෙන්න. මට විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් ඉන්නවා. සමහර මිනිස්සු මගේ දරුවාට කෙළ ගහලා තියෙනවා, මගේ දරුවාට ගහලා තියෙනවා. ඒ නිසා මේ දේ අනිවාර්යෙන්ම නැවත්විය යුතුමයි.”

ඇය මේ විදිහට මේ මාධ්‍ය  සාකච්ඡාව ඉදිරිපිට දී කඳුළු සලමින් තමයි මේ අදහස් ප්‍රකාශ කළේ. 

More from GossipMore posts in Gossip »