මෑත කාලයේ ඉදලා අපේ රට විවිධ ප්රශ්න ගොඩකට මුහුණ දීලා තිබෙනවා.
කිරිපිටි ප්රශ්න, ගෑස් ප්රශ්න, පොහොර ප්රශ්න, පාන් පිටි ප්රශ්න, විදුලි ප්රශ්න වගේ ඒකී මෙකී නොකී ගොඩක් ප්රශ්න තවමත් අපේ රටේ තියෙනවා.
දැන් තියෙන ප්රශ්නය තෙල් එහෙමත් නැත්නම් ඉන්ධන ප්රශ්නය.
මේ ප්රශ්නය අලුත් එකක් නම් නෙමෙයි.
හැබැයි මේ හැම ප්රශ්නයක්ම ආයිමත් අලුත් කරන ප්රශ්නයක් තමයි මේ තෙල් ප්රශ්නය. මොකද තෙල් මිල ඉහළ ගිය ගමන් අර කියපු හැමදෙයක්ම ආයිමත් ඉහළ යනවා.
ඉතිං මේ හැම ප්රශ්නයකටම ලොකුම හේතුව තමයි අපේ රටේ ඩොලර් නැතිවීම.
දැන් අපි හැමෝම වගේ බයෙන් ඉන්නේ කොයි වෙලාවේ ඉන්ධන මිල වැඩි කරයි ද කියලා. ඒ වගේම කොපමණ මිලකින් ඉන්ධන මිල ඉහළ යයිද කියලත් අපිට බයක් තියෙනවා.
මොකද දැන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්රල් ලීටරයක මිල රු. 177යි.
බලශක්ති ඇමතිවරයා කියන විදිහට රුපියල් 19කින් පෙට්ට්රල් ඉහළ ගියොත් පෙට්ට්රල් මිල රු. 196ක් වෙනවා.
අපිට ආරංචි විදිහට අද හෝ හෙට ඉන්ධන මිල වැඩිවීමට නියමිතයි.
ඉතිං මේ ගැන බලශක්ති ඇමති උදය ගම්මන්පිල කිව්වේ මේ විදිහෙ කතාවක්…..
ඇත්තෙන්ම අපිට විදුලි අර්බුදයක් තියෙනවා. ඇත්තටම බදු සහනය ලබාදුන්නොත් ඉන්ධන මිල වැඩි කිරීම ඉතාමත් පොඩි ප්රමාණයකින් පමණක් කරන්න පුළුවන්.
ඒත් ඒ බදු සහනය නොලැබුනහොත් අපිට සිද්ධ වෙනවා ඩීසල් ලීටරයක් රුපියල් 52කින්, පෙට්ට්රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දාන්න.
ඔය දෙකෙන් එකක්වත් නොවුනහොත් තෙල් ගේන්න සල්ලි නැතිවෙන බව නම් මට ඉතාමත් විශ්වාසයෙන් කියන්න පුළුවන්.






