නිරූපණ ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් විදිහට ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න කියන චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නෙ. ඉතින් කාලයක් නිහඬව හිටපු ඇය නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට පටන් අරගෙන තිබෙනවා. ඉතින් ඇය මෙලෙස සටහන් ඉදිරිපත් කරන්නට හේතු වුණු කාරණාව මෙලෙසයි ඉදිරිපත් කරන්නේ. Mrs.world යන්න ආසාවෙන් හිටියේ. ඒ ආසාව ගියා. අප්පිරියයි මේවා දැක්කම. වමනෙ යනවා. ෂීට් මට එපා චන්දිමාල් ජයසිංහ crown එක. මම වෙන pageant එකකට යන්නම්. අයින් වෙලා පයින්. කෙටියෙන් කියනවා නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අදටත් රැජින රෝසි මැඩම් පමණයි. ඒ තරම් ලස්සනක් ඔය දඟලන කිසි කෙනෙකුට නෑ. අදටත් බලන්නකො රෝසි මැඩම් ගේ ලස්සන. පුදුම ලස්සන මූණක් ඇයට තියෙන්නෙ. ඔය දඟලන අයට මම කියන්නේ ගෙදර කණ්නාඩිය ඉස්සරහට ගිහින් චුට්ටක් බලන්නකෝ. රෝසි මැඩම් ගේ ලස්සන ගෑවිලාවත් තියෙනවද කියලා.
ඔය දඟලන අක්කලා නංගිලා. චන්දි next time ෆීල්ඩ් එකේ ඉන්න කිසිම කෙනෙක් යවන්න එපා ඔය pageant එකට. ඇත්තම කිව්වොත් ඔයිට වැඩිය ලස්සන කාන්තාවො ඉන්නවා මේ ලංකාවේ ඕනෑතරම්. දෙන්න එම කෙනෙකුට අවස්ථාවක්. මම ඔයාගේ යාලුවා විදිහට ඔයාගෙන් කෙරෙන ඉල්ලීමක් මෙය ලැබිය යුත්තේ හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කරන විවාහක කාන්තාවකට. එහෙම නැතුව sugar daddy ලගේ පහස විඳින අයට නෙමෙයි. කෝ යකෝ මගේ sugar daddy. ඉන්න තැනකින් එන්න මා සොයා. මැරෙන්න කලින් BMW එකක් ගන්න ඕනේ. චොපර් වල යන්න ඕන. හැමදාම took එකේ ගිහින් මට ඇතිවෙලා. branded බඩු ගන්න ඕනේ. පුතාට branded අන්දන්න ඕනෙ. ෆයිව් ස්ටාර් හොටෙල් වලට ගිහින් කෑම කන stories දාන්න ඕනේ. යටට අදින ඒවා brand ගන්න ඕනේ.yot වල යන්න ආසයි. එන්න මා සොයා my sugar daddy.lol i’m waiting for u කියලා තමයි ඇය සටහන ඉදිරිපත් කරලා තිබෙන්නේ.
ඉතින් මෙම සටහනට හේතු කාරණාවක් බවට පත්තුවෙන්නේ පසුගිය දවසක විවාහක රූ රැජින තරඟාවලිය සඳහා සහභාගි වූ පුෂ්පිකා ද සිල්වා ඇගේ මුහුණු පොතේ තබපු සටහනක් නිසා. කොහොම නමුත් ඇය එහිදී සඳහන් කර තිබුණේ ඇයට හිමි වන්නට තිබුණු කිරුළ චන්දිමාල් සහ රෝසි සේනානායක මහත්මිය විසින් වෙනස් කළ බව. ඉතින් මෙම චෝදනාව නිසා මේ දවස් වල බොහෝවිට පුෂ්පිකා ද සිල්වා පිළිබඳව විවේචනාත්මක ස්වරූපයෙන් කතාබහ ඇති වෙනවා. ඉතින් පියුමි හන්සමාලි මේ පිළිබඳව ඇගේ අදහස් මේ ආකාරයෙන් තමයි සඳහන් කරලා තිබුණේ.






