Press "Enter" to skip to content

වාහන ආනයනයට කැබිනට්ටුවෙන් ලැබුනු ප්‍රතිචාරය

විදේශන්හිදීම ඩොලර් ගෙවා මෙරට වාහන ආනයනය කර ඒ සඳහා වන බදු ද ඩොලර් වලින් ගෙවීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නැත.

අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර දැනට මාස තුනක කාලයක් ද ඉක්මවා ගොස් තිබේ.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ ක්‍රමයට වාහන ගෙන්වීම තුළින් රට තුළ මතුව ඇති වාහන ආනයනය අර්බුදයට සහ ඩොලර් ප්‍රශ්නයට ද එකවර විසඳුම් සෙවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මෙරට වාහන ආනයනකරුවන්ද යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ සඳහා සූදානම්ව සිටින බවද දැනුම් දී තිබිණි.

More from GossipMore posts in Gossip »