Press "Enter" to skip to content

මරණ දෙකකින් කෙළවර වූ යොවුන් ප්‍රේමය

කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් සහ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක්.

ඔවුන් දෙදෙනා අතර දිගු කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇතැයි අප වාර්තාරු පැවසුවා.

පොලීසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ගෙළ වැලලාගෙන මියගොස් සිටි සිසුවියගේ දේහය කොස් ගසක එල්ලෙමින් තිබී ඇති අතර තරුණයාගේ සිරුර එම ස්ථානයේ බිම වැටී තිබු බව සඳහන්.

ඔවුන්ගේ සම්බන්ධතාවයට වැඩිහිටියන්ගේ කැමැත්ත නොලැබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙසේ දිවි හානි කරගන්නට ඇතැයි සැක කෙරෙනවා.

දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලට යොමුකර තිබෙනවා.

කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

More from GossipMore posts in Gossip »