වාහන ආනයනයේදී ප්‍රථමයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමට පළමුව අවස්ථාව ලබාදෙනවා කියලා ජනාධිපතිතුමා පසුගිය දවසක පාර්ලිමේන්තුවේදි පැවසුවා.
ඉතිං අපි හොයලා බැලුවා ලංකාවට වාහන අපනයනය කරන ජපානයේ වෙබ් අඩවිය කිහිපයක 2022 වසරේ මිල ගණන් කොහොමද කියලා.
ඒ අනුව අපිට පෙනී ගියේ ජපානයේ ද භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් වාහන මිල ගණන් ඉහළ දමලා කියන කාරණය.
අපේ රටේ තරමක් දුරට ජනප්‍රිය ඉලෙක්ටික් වාහනයක් තමයි නිශාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථය.
2013 වසරේ නිෂ්පාදිත නිශාන් ලීෆ් මෝටර් රථයක් කොළඹ වරායට අපනයනය කිරීමට ජපානය අය කරන වර්තමාන මුදල ඇමෙරිකානු ඩොලර් 11,000කට අධිකයි.
එ් කියන්නේ ශ්‍රී ලංකා මුදලක් රුපියල් ලක්ෂ 22ක් ඉක්ම වෙනවා.

ඒ විතරක් නෙවෙයි අපි මේ වාහනේ ගෙන්වනවාට අපිට ශ්‍රී ලංකා රේගුවට තවත් බදු මුදල් ද ගෙවන්න සිද්ද වෙනවා.
අපි බලමු රපේ රටේ 2013 වසරේ නිෂ්පාදිත නිශාන් ලීෆ් මෝටර් රථයක් අලෙවි වෙන්නේ කීයට ද කියලා.
ලංකාවේ වෙබ් අඩවි වල දැක්වෙනනෙ එම මෝටර් රථය රුපියල් ලක්ෂ 24ක් වැනි මුදලකට අලෙවි කරන බවයි.
එහෙම බැලුවාම ලංකාවේ භාවිතා කරපු වාහනයක් ගන්න එක ලාභයි කියලා මේක බලන හැමකෙනෙක්ටම හිතෙයි.
හැබැයි මේ මිල මුදල් කොහොම වුනත් වාහනේ තත්ත්වය කොහොමද කියලා අපිට කියන්න බැහැ.






